YouVersion Logo
Search Icon

2 සාමුවෙල් 22:1-7

2 සාමුවෙල් 22:1-7 SROV

ස්වාමීන්වහන්සේ දාවිත්ගේ සියලු සතුරන් අතින්ද සාවුල්ගේ අතින්ද ඔහු ගැළවූ කල ඔහු මේ ගීතිකාවේ වචන ස්වාමීන්වහන්සේට කියනුයේ: ස්වාමීන්වහන්සේ මාගේ පර්වතයය මාගේ බලකොටුවය, මාගේ, මාගේම මිදුම්කාරයාණෝය; මාගේ පර්වතයවූ දෙවියන්වහන්සේය, උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරමි; උන්වහන්සේ මාගේ පලිහය, මාගේ ගැළවීමේ අඟය, මාගේ උස් කොටුවය, මාගේ රක්ෂාස්ථානයය; මාගේ ගැළවුම්කාරයාණෝය, බලාත්කාරකමෙන් ඔබ මා ගළවනසේක. ප්‍රශංසනීයවූ ස්වාමීන්ට අයැද සිටිමි. මෙසේ මාගේ සතුරන්ගෙන් ගැළවෙන්නෙමි. කුමක්හෙයින්ද මරණය නමැති තරංගයෝ මා වටකළෝය, අධර්මය නැමති ජලධාරාවෝ මා භයගැන්වූය. ෂෙයොලේ බැමි මා අවටින් විය, මරණයේ මලපත් මා පිටට ආයේය. මාගේ විපතේදී ස්වාමීන්ට අයැදීමි, එසේය, මාගේ දෙවියන්වහන්සේට මොරගැසීමි. උන්වහන්සේ තමන් මාලිගාවේ සිට මාගේ හඬ ඇසූසේක, මාගේ හඬ උන්වහන්සේගේ කණෙහි වැටුණේය.

Free Reading Plans and Devotionals related to 2 සාමුවෙල් 22:1-7