2 සාමුවෙල් 11
11
බැත්-ෂෙබා සම්බන්ධව දාවිත්ගේ මහත් පාපය
1තවද ඊළඟ අවුරුද්දේ රජුන් යුද්ධයට පිටත්ව යන කාලයේ දාවිත් යෝවාබ්ද ඔහු සමඟ තමාගේ සේවකයන්ද සියලු ඉශ්‍රායෙල්වරුන්ද හැරියේය; ඔව්හු අම්මොන් පුත්‍රයන් විනාශකොට රබ්බා වටලූහ. නුමුත් දාවිත් යෙරුසලමේ නැවතී සිටියේය.
2දිනක් සවස් වේලාවේ දාවිත් තමාගේ යහනෙන් නැගිට රජගෙදර පියස්ස උඩ සක්මන්කෙළේය. එවිට ඔහු ස්ත්‍රියෙක් නානවා පියස්සේ සිට දුටීය. ඒ ස්ත්‍රී පෙනීමෙන් ඉතා ශෝභමාන වූවාය. 3දාවිත් පණිවිඩ යවා ස්ත්‍රිය ගැන විභාග කෙරෙව්වේය. එක්කෙනෙක් කථාකොට: ඈ එලියාම්ගේ දුවවූ, හිත්තීය උරියාගේ භාර්යාවවූ බැත්-ෂෙබා නොවේදැයි කීය. 4දාවිත් පණිවිඩකාරයන් යවා ඈ ගෙන්වාගත්තේය; ඈ ඔහු ළඟට ආවාය, ඔහු ඈ සමඟ සයනය කෙළේය. (ඈ තමාගේ අපවිත්‍රකමින් පිරිසිදුවී සිටියාය.) ඈ තමාගේ ගෙදරට හැරී ගියාය. 5ඒ ස්ත්‍රි ගැබ්ගෙන: මම භාර්භිණීව සිටිමියි දාවිත්ට දන්වා යැවුවාය. 6එවිට දාවිත්: හිත්තීය උරියා මා වෙතට එවන්නැයි යෝවාබ්ට කියා යැවීය. යෝවාබ් දාවිත් ළඟට උරියා හැරියේය. 7උරියා ඔහු ළඟට ආ කල දාවිත් යෝවාබ්ගේද සෙනඟගේද සැපසනීපත් යුද්ධය කෙරීගනයන හැටිත් ඔහුගෙන් විචාළේය. 8පසුව දාවිත්: නුඹ ගෙදර ගොස් නුඹේ පාද සෝදාගන්නැයි උරියාට කීවේය. උරියා රජ ගෙදරින් පිටතට ගියේය, රජුගෙන් ආහාර කොටසක් ඔහු පස්සෙන් හරින ලද්දේය. 9එහෙත් උරියා තමාගේ ගෙදරට නොගොස් තමාගේ ස්වාමිහුගේ සියලු මෙහෙකරුවන් සමඟ රජ ගෙයි දොරකඩ නිදාගත්තේය. 10උරියා තමාගේ ගෙදරට නොගියේයයි දාවිත්ට දැන්වූකල දාවිත් උරියාට කථාකොට: නුඹ ගමනක් ගොස් ආවා නොවේද? නුඹ ගෙදර නොගියේ මක්නිසාදැයි ඇසුවේය. 11උරියා දාවිත්ට කථාකොට: ගිවිසුම් පෙට්ටියද ඉශ්‍රායෙල්වරුද යූදාවරුද පැල්වල සිටිති; මාගේ ස්වාමිවූ යෝවාබ්ද මාගේ ස්වාමිහුගේ සේවකයෝද එලිමහනේ කඳවුරු බැඳගෙන සිටිති; එසේ නම් මම කන්ටත් බොන්ටත් මාගේ භාර්යාව සමඟ සයනයකරන්ටත් මාගේ ගෙදරට යම්ද? ඔබ ජීවත්වන බවද ඔබගේ ආත්මය ජීවත්වන බවද සැබෑවාසේම මම එසේ නොකරමියි කීය. 12දාවිත්ද: අදත් මෙහි සිටින්න, හෙට නුඹ යන්ට හරින්නෙමියි උරියාට කීවේය. එසේ උරියා එදාත් පසුවදාත් යෙරුසලමෙහි සිටියේය. 13පසුව දාවිත් ඔහු කැඳවූ කල්හි ඔහු ඇවිත් රජ ඉදිරියෙහි කෑවේය, බීවේය; රජතෙමේ ඔහු වෙරිකෙළේය. ඔහු සවස තමාගේ ස්වාමිහුගේ මෙහෙකරුවන් සමඟ තමාගේ ඇඳේ නිදාගන්ට පිටතට ගියේය. එහෙත් තමාගේම ගෙදරට ගියේ නැත. 14පසුවදා දාවිත් යෝවාබ්ට ලියුමක් ලියා ඒක උරියා අත ඇරියේය. 15ඒ ලියුමේ ලිව්වේ: සටන ඉතා බලවත්ව තිබෙන තැන පෙරමුණේම උරියා සිටුවා, පහර ලැබ නසින පිණිස ඔහු අත්හැර අහක් වෙන්නය කියාය. 16යෝවාබ් නුවර රැක සිටියදී, වික්‍රමාන්විත මනුෂ්‍යයන් සිටින බව ඔහු දන්න ස්ථානයෙහි උරියා සිටෙව්වේය. 17නුවර මනුෂ්‍යයෝ පිටතට ඇවිත් යෝවාබ් සමඟ යුද්ධකළෝය. එවිට සෙනඟගෙන් එනම් දාවිත්ගේ සේවකයන්ගෙන් සමහරෙක් වැටුණෝය; හිත්තීය උරියාද මැරුම් කෑවේය. 18එවිට යෝවාබ් යුද්ධය ගැන සියලු කාරණා දාවිත්ට දන්වා ඇරියේය; 19ඔහු පණිවිඩකාරයාට කථාකොට: නුඹ යුද්ධය ගැන සියලු කාරණා රජ්ජුරුවන්ට කියා නිමවූ කල, 20රජු කෝපවී: නුඹලා සටන්කරන පිණිස නුවරට එපමණ ළංවුණේ මක්නිසාද? ඔවුන් පවුරේ සිට විදින බව දන්නේ නැද්ද? 21යෙරුබ්බෙෂෙත්ගේ පුත්‍රවූ අබිමෙලෙක් මරනලද්දේ කා විසින්ද? තේබේශ්හිදී ස්ත්‍රියෙක් පවුරේ සිට ඔහු පිටට ඇඹරුම් ගලක උඩ පළුව හෙළා ඔහු මැරුවා නොවේද? නුඹලා එපමණ පවුරට ළංවුණේ මක්නිසාදැයි නුඹට කීවොත්–ඔබගේ සේවකයාවූ හිත්තීය උරියාද මළේයයි කියන්නැයි ඔහුට අණකෙළේය. 22මෙසේ පණිවිඩකාරයා ගොස් යෝවාබ් තමා අත කියා හැරිය සියල්ල දාවිත්ට දැන්නුවේය. 23පණිවිඩකාරයා දාවිත්ට කථාකොට: ඒ මනුෂ්‍යයන් අපට විරුද්ධව බලවත්වී අපට විරුද්ධව පිටතට ආ විට අපිත් දොරටුව දක්වා ඔවුන්ට විරුද්ධව ගියෙමුව. 24එවිට දුනුවායෝ පවුරේ සිට ඔබගේ සේවකයන්ට විද්දෝය; රජ්ජුරුවන්ගේ සේවකයන්ගෙන් සමහරෙක් මළෝය, හිත්තීය උරියා නම්වූ ඔබගේ සේවකයාත් මළේයයි කීවේය. 25එවිට දාවිත් පණිවිඩකාරයාට කථාකොට: නුඹ යෝවාබ්ට මෙසේ කියන්න–මේ කාරණය ගැන කනගාටු නොසිතන්න; මක්නිසාද කඩුව එකෙකු නසන්නාක් මෙන් අනිකෙකුද නසන්නේය. නුවරට විරුද්ධව සටන තව බලතරකොට ඒක බිඳහෙලන්න කියා ඔහුට ධෛර්ය දෙන්නැයි කීවේය. 26උරියාගේ භාර්යාව තමාගේ පුරුෂයාවූ උරියා මැරුණු බව අසා තමාගේ පුරුෂයා ගැන වැලපුණාය. 27වැලපීමේ කාලය නිමවූ කල දාවිත් තමාගේ ගෙට ඈ ගෙන්වාගත්තේය, ඈ ඔහුගේ භාර්යාව වී ඔහුට පුත්‍රයෙකු බිහිකළාය. නුමුත් දාවිත් කළ ක්‍රියාව ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දුෂ්ටව තිබුණේය.
Currently Selected:
2 සාමුවෙල් 11: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

: