2 රාජාවලිය 8:7-13
2 රාජාවලිය 8:7-13 SROV
එලිෂා දමස්කයට පැමුණුණේය; එකල්හි බෙන්-හදද් රජ ලෙඩින් සිටියේය. එවිට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා මෙහි ආයේය කියා ඔහුට දන්වනලද්දේය. රජ හසායෙල්ට කථාකොට: නුඹේ අතේ තෑග්ගක් රැගෙන දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්මුඛවෙන්ට ගොස්–මේ ලෙඩෙඩන් මට සුව වන්නේදැයි ඔහු ලවා ස්වාමීන්වහන්සේගෙන් විචාරන්නැයි කීවේය. එවිට හසායෙල් තමාගේ අතේ තෑග්ගක් ගෙන, දමස්කයේ සියලු ආකාර හොඳ දේවල් ඔටුවන් සතළිස් දෙනෙකු පිට පටවාගෙන ඔහු වෙතට පැමිණ ඔහු ඉදිරියෙහි සිට: මේ ලෙඩෙන් මට සුවවන්නේද කියා විචාරන්ට ඔබගේ පුත්‍රවූ සිරියේ රජවූ බෙන්-හදද් මා ඔබ ළඟට එවුවේයයි කීවේය. එලිෂාද: නුඹ ගොස්-සැබවින් ඔබට සුවවන්නේයයි ඔහුට කියන්න; නුමුත් ඔහු සැබවින් නසින බව ස්වාමීන්වහන්සේ මට පෙන්වා තිබේයයි ඔහුට කීවේය. තවද ඛේදයට පත්වෙන තුරුම දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඔහු දෙස තදින් බලාසිට පසුව ඇඬුවේය. එවිට හසායෙල්; මාගේ ස්වාමියා අඬන්නේ මක්නිසාදැයි ඇසීය. ඔහු උත්තරදෙමින්: නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කරන්ට යන නපුර මා දන්නා නිසාය. නුඹ ඔවුන්ගේ බලකොටු ගිනිලා, ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් නසා, ඔවුන්ගේ දරුවන් බිමගසා මරා, ඔවුන්ගේ ගර්භීණීන් ඉරාදමන්නෙහියයි කීවේය. හසායෙල්ද: බල්ලෙක් වැනිවූ ඔබගේ මෙහෙකරුවා විසින් ඒ බරපතළ දේ කරන්ට ඔහු කවුදැයි කීවේය. එලිෂා: නුඹ සිරිය කෙරෙහි රජ වෙන බව ස්වාමීන්වහන්සේ මට පෙන්වා තිබේයයි කීවේය.




