YouVersion Logo
Search Icon

2 රාජාවලිය 5:10-14

2 රාජාවලිය 5:10-14 SROV

එලිෂා: නුඹ ගොස් යොර්දානෙහි සත් වරක් නාන්න, එවිට නුඹේ මාංසය හරිගැහී නුඹ පවිත්‍රවන්නෙහියයි පණිවිඩකාරයෙකු අත කියා ඇරියේය. නුමුත් නාමන් කෝපව යන්ට ගියේය, හෙතෙම කියනුයේ: ඔහු පිටතට මා ළඟට ඇවිත් සිටගන, තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකර, කුෂ්ඨය මත්තෙහි තමාගේ අත වනා රෝගියා සුවකරනවා ඇතැයි සිතුවෙමි. දමස්කයෙහි ගංගා වන අබානා සහ පර්පර් ඉශ්‍රායෙල් දේශයේ සියලු ජලවලට වඩා හොඳ නොවේද? ඒවායේ නාලා පවිත්‍රවෙන්ට මට බැරිදැයි කීවේය. මෙසේ ඔහු කෝපයෙන් හැරී ගියේය. ඔහුගේ සේවකයෝ ළඟට අවුත් ඔහුට කථාකර: මාගේ පියාණෙනි, අනාගතවක්තෘ මහත් දෙයක් කරන්ට ඔබට කීවේ නම් ඔබ කරන්නේ නැද්ද? එසේවී නම් නාලා පවිත්‍රවන්නැයි ඔහු ඔබට කී කල ඒක කරන්ට බැරිදැයි කීවෝය. එවිට ඔහු බැස ගොස් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ කීම ලෙස යොර්දානෙහි සත්වරක් ගිලුණේය. ඔහුගේ මාංසයද කුඩා ළමයෙකුගේ මාංසය මෙන් හරි ගැහී ඔහු පවිත්‍රවුණේය.

Free Reading Plans and Devotionals related to 2 රාජාවලිය 5:10-14