YouVersion Logo
Search Icon

2 රාජාවලිය 4:32-37

2 රාජාවලිය 4:32-37 SROV

එලිෂා ඒ ගෙදරට පැමුණුණ විට ළමයා මැරී තමාගේ ඇඳේබාවා ඉන්නවා දුටුවේය. එවිට ඔහු ඇතුල්වී ඔවුන් දෙදෙනා සිටිද්දී දොර වසාගන ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය. තවද ඔහු නැගීගොස් ළමයා පිට වැතිර තමාගේ කට ඔහුගේ කට පිටද තමාගේ ඇස් ඔහුගේ ඇස් පිටද තමාගේ අත් ඔහුගේ අත් පිටද තබා ළමයා පිට දිගාවුණේය; ළමයාගේ මාංසයද උණුහුම් වුණේය. එවිට ඔහු හැරී ඇවිත් ගෙයි එහා මෙහා වරක් ඇවිද නැවත නැගී ගොස් ඔහු පිට දිගාවුණේය. එවිට ළමයා සත්වරක් කිඹිස ඇස් ඇරියේය. ඔහු ගෙහාසී කැඳවා: ඒ ෂුනෙම්මිය ස්ත්‍රියට අඬගසන්නැයි කීවේය. ඔහු ඈට අඬගැසුවේය. ඈ ඔහු ළඟට ආ කල: නුඹේ පුත්‍රයා අරගන්නැයි ඔහු කීවේය. ඈද ඇතුල්වී ඔහුගේ පාමුල වැටී බිමට නැමී වැඳ, ඇගේ පුත්‍රයා අරගන ගියාය.