2 රාජාවලිය 17:1-3
2 රාජාවලිය 17:1-3 SROV
යූදාහි රජවූ ආහාස්ගේ දොළොස් වෙනි අවුරුද්දේදී ඒලාගේ පුත්‍රවූ හෝෂෙයා සමාරියෙහි ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී නව අවුරුද්දක් රජකම්කෙළේය. ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය, එහෙත් තමාට පළමුවෙන් සිටි ඉශ්‍රායෙල් රජවරුන් මෙන් නොවේය. අෂූර්හි රජවූ ෂල්මනෙසේර් ඔහුට විරුද්ධව ආයේය; හෝෂෙයා ඔහුට මෙහෙකරුවී කප්පන් දුන්නේය.



