2 1 වංශාවලිය 28
28
ආහාස් රජ යුද්ධ කරණකොටගෙන දඬුවම් ලැබීම
1ආහාස් විසි අවුරුදු වයසේදී රජවී යෙරුසලමෙහි දහසය අවුරුද්දක් රජකම්කෙළේය. 2ඔහු තමාගේ පියවූ දාවිත් කළාක් මෙන් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ නොකොට, ඉශ්රායෙල් රජුන්ගේ මාර්ගවල හැසිරෙමින්, බාල් දේවතාවුන්ට වාත්තු පිළිමද සෑදුවේය. 3ඇරත් ඔහු හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතෙහි සුවඳ දුම් ඔප්පුකොට, ස්වාමීන්වහන්සේ ඉශ්රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ පිළිකුල්වල හැටියට තමාගේ පුත්‍රයන් ගින්නෙහි දැවුවේය. 4ඔහු උස්තැන්වලත් හෙල් පිටත් සියලු අමු ගස් යටත් පූජාද සුවඳ දුම්ද ඔප්පුකෙළේය. 5ඒ නිසා ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සිරියේ රජු අතට පාවාදුන්සේක; සිරියවරු ඔහුට පහරදී ඔහුගේ සෙනඟගෙන් මහත් සමූහයක් අල්ලා දමස්කයට ගෙනගියෝය. ඔහු ඉශ්රායෙල් රජු අතටත් අසුවී ඒ රජ තෙමේ මහත් මැරීමකින් ඔහුට පහර දුන්නේය. 6රෙමලියාගේ පුත්‍රවූ පෙකා බලවන්තයන්ව සිටි එක්ලක්ෂ විසි දහසක් එක දවසේ යූදාහිදී මැරුවේය; මෙසේ වුණේ ඔවුන් තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැරිය නිසාය. 7එප්‍රායිම්හි බලසම්පන්න මනුෂ්‍යයෙක්වූ සික්රී තෙම රජුගේ පුත්‍රවූ මයසේයාද රජ ගෙයි අධිපතියාවූ අස්රිකාම්ද රජුගේ දෙවෙනියාවූ එල්කානාද මැරුවේය. 8තවද ඉශ්රායෙල් පුත්‍රයෝ තමුන්ගේ සහෝදරයන්ගෙන් ස්ත්‍රීන්ද පුත්‍රයන්ද දූවරුන්ද දෙලක්ෂයක් අල්ලාගන, ඔවුන්ගෙන් මහත් කොල්ලයකුත් රැගෙන, ඒ කොල්ලය සමාරියට ගෙනගියෝය. 9නුමුත් එහි සිටි ඕදෙද් යන නමැති ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේත කෙනෙක් සමාරියට ආ සේනාව සම්මුඛවෙන්ට පිටත්ව ගොස් ඔවුන්ට කථාකොට: නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ යූදා කෙරෙහි උදහස්වූ නිසා උන්වහන්සේ ඔවුන් නුඹලා අතට පාවාදුන්සේක, නුඹලා අහසට නැගෙන තරම් මහත් කෝපයකින් ඔවුන් මැරුවහුය. 10දැනුත් යූදාහිද යෙරුසලමේද දරුවන් දාසයන්ද දාසීන්ද කොට යටත්කරගන්ට නුඹලා අදහස් කරන්නහුය. නුමුත් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව කළ අපරාධ නුඹලා පිටත් නැද්ද? 11එබැවින් මට ඇහුම්කන්දී නුඹලාගේ සහෝදරයන්ගෙන් අල්වාගත් තැනැත්තන් ආපසු යවන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ තද උදහස නුඹලා කෙරෙහි තිබේයයි කීවේය. 12එකල එප්‍රායිම් පුත්‍රයන්ගේ ප්‍රධානීන්ගෙන් සමහරෙක් වූ යොහානාන්ගේ පුත්‍රවූ අසරියාද මෙෂිල්ලේ-මොත්ගේ පුත්‍රවූ බෙරෙකියාද ෂල්ලුම්ගේ පුත්‍රවූ යෙහිස්කියාද හද්ලයිගේ පුත්‍රවූ අමාසාද යුද්ධයෙන් ආ අයට විරුද්ධව නැගිට සිට, 13ඔවුන්ට කථාකොට: අල්ලාගන ආ තැනැත්තන් මෙහි නොගෙනායුතුය, මක්නිසාද ස්වාමීන්වහන්සේට විරුද්ධව අප කළ වරද හැර අපේ පාප සහ අපේ අපරාධ වැඩිකරන්ට නුඹලා සිතන්නහුය. මක්නිසාද අපේ අපරාධය මහත්ය, තද උදහසද ඉශ්රායෙල් කෙරෙහි තිබේයයි කීවේය. 14එවිට ආයුධ ගත් තැනැත්තෝ අල්ලාගනු ලැබූ අයින් සහ කොල්ලය අධිපතීන් සහ මුළු සභාව ඉදිරියෙහි හැරදමා ගියෝය. 15එවිට නම් සඳහන්වූ මනුෂ්‍යයෝ නැගිට, අසුවුණ අය කැඳවාගන, ඔවුන් අතරේ වස්ත්‍ර නැති සියල්ලන්ට කොල්ලයෙන් ගත් දෙයින් වස්ත්‍රදී, ඔවුන්ට පළඳවා, ඔවුන්ට වහන්ද කෑම බීමද දී, තෙල් ගා, බෙලහීනව සිටි සියල්ලන් කොටළුවන් පිට නංවා, ඉඳිගස් නුවරවූ යෙරිකෝවට ඔවුන්ගේ සහෝදරයන් වෙතට ගෙනවුත්, පසුව සමාරියට හැරී ගියෝය.
16ඒ කාලයෙහි ආහාස් රජ තමාට උපකාරකරන්ට කියා අෂූර්හි රජුන් වෙතට පණිවිඩයක් ඇරියේය. 17මක්නිසාද ඒදොම්වරු නැවත ඇවිත් යූදාවරුන්ට පහරදී සමහරුන් අල්ලාගන ගියෝය. 18පිලිස්තිවරුද පාත රටේ සහ යූදාහි දකුණු දිශාවේ නුවරවලට වැද, බෙත්-ෂෙමෙෂ්ද අයාලෝන්ද ගෙදේරෝත්ද සොකෝව සහ ඒකේ ගම්ද තිම්නා සහ ඒකේ ගම්ද ගිම්සෝ සහ ඒකේ ගම්ද අල්ලාගෙන, එහි වාසයකළෝය. 19මක්නිසාද යූදාහි රජවූ ආහාස් යූදාවරුන් සල්ලාලකමට පමුණුවා ස්වාමීන්වහන්සේට විරුද්ධව ද්‍රෝහිකම්කළ බැවින්, ස්වාමීන්වහන්සේ යූදා මනුෂ්‍යයන් යටත්කළසේක. 20අෂූර්හි රජවූ තිල්ගත්-පිල්නේසර් ඔහු වෙතට ඇවිත් ඔහුට පීඩාකළා මිස ඔහු ශක්තිමත් කළේ නැත. 21ආහාස් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙන්ද රජුගෙත් අධිපතීන්ගෙත් ගෙදරවලින්ද වස්තු රැගෙන අෂූර්හි රජුට දුන් නුමුත් එයින් ඔහුට පලක් නොවීය. 22මෙම ආහාස් රජු තමාට විපත පැමිණි කාලයේදී තව තව ස්වාමීන්වහන්සේට විරුද්ධව ද්‍රෝහිකම්කෙළේය. 23තමාට පහරදුන් දමස්කයේ දෙවිවරුන්ට ඔහු පූජාකොට: සිරියේ රජුන්ගේ දෙවිවරුන් ඔවුන්ට පිහිටවෙන බැවින් ඔවුන් මටත් පිහිටවෙන පිණිස මම ඔවුන්ට පූජාකරමියි කීය. නුමුත් ඔව්හු ඔහුගේද මුළු ඉශ්‍රායෙල්ගේද විනාශයට හේතුවූහ. 24ආහාස් දෙවියන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩ එකතුකර, දෙවියන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩ කැබෙලිකොට කපා, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ දොරවල් වසා, යෙරුසලමේ සියලු මුළුවල පූජාසන සාදාගත්තේය. 25යූදාහි සියලු නුවරවලම අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පුකරන පිණිස ඔහු උස්තැන් සාදා තමාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෝපකෙළේය. 26මුල පටන් අග දක්වා ඔහුගේ අනික් ක්‍රියාද ඔහුගේ සියලු මාර්ගද යූදා සහ ඉශ්රායෙල් රජුන්ගේ පොතෙහි ලියා තිබේ. 27ආහාස් තමාගේ පියවරුන් සමඟ සැතපුණේය, ඔව්හු යෙරුසලම් නුවර ඔහු තැන්පත් කළෝය; මක්නිසාද ඔව්හු ඉශ්රායෙල් රජුන්ගේ සොහොන් ගෙවල ඔහු නොතැබුවෝය. ඔහුගේ පුත්‍රවූ හෙසකියා ඔහු වෙනුවට රජ විය.
Currently Selected:
2 1 වංශාවලිය 28: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

: