2 1 වංශාවලිය 10
10
රෙහොබොවම් රජකමට පැමිණීම. ගෝත්‍ර දශය කැරළිගැසීම
1තවද රෙහොබොවම් ෂෙකෙම්ට ගියේය. මක්නිසාද ඔහු රජකමට පත්කරන පිණිස සියලු ඉශ්‍රායෙල්වරු ෂෙකෙම්ට ආවෝය. 2සාලමොන් රජු ඉදිරියෙන් පලා ගොස් සිටි නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම් මිසරයේදී ඒ බව අසා මිසරයෙන් හැරී ආයේය. 3ඔව්හු පණිවිඩයක් යවා ඔහු ගෙන්වාගත්තෝය; එවිට යෙරොබොවම්ද සියලු ඉශ්‍රායෙල්වරුද ඇවිත් රෙහොබොවම්ට කථාකොට: 4ඔබගේ පියාණෝ අපේ වියගහ බර කළහ. ඒ නිසා ඔබගේ පියාණන්ගේ අමාරු සේවයද ඔහු අප පිට තැබූ ඔහුගේ බර වියගහද සැහැල්ලුකළ මැනවි, එවිට අපි ඔබට සේවයකරන්නෙමුයයි කීවෝය. 5ඔහුද: නුඹලා තුන් දවසකින් නැවත මා ළඟට එන්නැයි ඔවුන්ට කීවේය. සෙනඟ ගියෝය. 6රෙහොබොවම් රජ තමාගේ පියවූ සාලමොන් ජීවත්ව සිටියදී ඔහු ඉදිරියෙහි සිටි වැඩිමහල්ලන් සමඟ මන්ත්‍රණයකරමින්: මා විසින් මේ සෙනඟට උත්තරදෙන පිණිස නුඹලා මන්ත්‍රණයකර කියන්නේ කුමක්දැයි ඇසුවේය. 7ඔව්හුද: ඔබ මේ සෙනඟට කරුණාවන්තව, ඔවුන් ප්‍රසන්නකොට, ප්‍රිය වචන ඔවුන්ට කථාකළොත්, ඔවුන් සෑම කල්හිම ඔබගේ මෙහෙකරුවන් වෙනවා ඇතැයි ඔහුට කීවෝය. 8එහෙත් වැඩිමහල්ලන් ඔහුට දුන්නාවූ දැනමිතිකම ඔහු අත්හැර, තමා සමඟ වැඩුණාවූ තමා ඉදිරියෙහි සිටි තරුණයන් සමඟ මන්ත්‍රණයකරමින්: 9ඔබගේ පියාණන් අප පිට තැබූ වියගහ සැහැල්ලු කළ මැනවැයි මට කීවාවූ මේ සෙනඟට උත්තර දෙන පිණිස නුඹලා මන්ත්‍රණයකර කියන්නේ කුමක්දැයි ඔවුන්ගෙන් ඇසුවේය. 10ඔහු සමඟ වැඩුණ තරුණයෝ ඔහුට කථාකොට: ඔබගේ පියාණෝ අපේ වියගහ බරකළහ, එහෙත් ඔබ ඒක අපට සැහැල්ලුකළ මැනවැයි කියා ඔබට කීවාවූ ඒ සෙනඟට ඔබ කථාකොට–මාගේ පියාණන්ගේ තුනටියට වඩා මාගේ හුළගිල්ල ලොකුය. 11මාගේ පියාණෝ නුඹලා පිට බර වියගහක් තැබුවාහ, මම නුඹලාගේ වියගහ වඩා බරකරන්නෙමි. මාගේ පියාණෝ කසවලින් නුඹලාට දඬුවම්කළහ, මම වනාහි නුඹලාට ගෝණුස්සන්ගෙන් දඬුවම්කරන්නෙමියි කිය යුතුයයි කීවෝය. 12තුන්වෙනිදා නැවත මා ළඟට එන්නැයි රජ කී හැටියට යෙරොබොවම්ද මුළු සෙනඟද තුන්වෙනිදා රෙහොබොවම් ළඟට ආවෝය. 13රජ ඔවුන්ට රළු ලෙස උත්තරදෙමින්, වැඩිමහල්ලන්ගේ මන්ත්‍රණය අත්හැර, 14තරුණයන්ගේ මන්ත්‍රණය ප්‍රකාර ඔවුන්ට කථාකොට: මාගේ පියාණෝ නුඹලාගේ වියගහ බරකළහ, මම එය වඩා බරකරන්නෙමි. මාගේ පියාණෝ කසවලින් නුඹලාට දඬුවම්කළහ, මම නුඹලාට ගෝණුස්සන්ගෙන් දඬුවම්කරන්නෙමියි කීවේය. 15මෙසේ රජ සෙනඟට ඇහුම්කන් නුදුන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ ෂිලොනිය අහියා ලවා නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ට කියෙවු ස්වකීය වචනය ඉෂ්ටකරන පිණිස ඒ කාරණය දෙවියන්වහන්සේගෙන් පැමුණුණේය. 16සියලු ඉශ්‍රායෙල්වරු රජ තමුන්ට ඇහුම්කන් නුදුන් බව දුටු කල, සෙනඟ රජුට උත්තරදෙමින්: දාවිත්ගෙන් අපට ඇති කොටස කිමෙක්ද? යෙස්සේගේ පුත්‍රයාගෙන් අපට උරුමයක් නැත. ඉශ්‍රායෙල්වරුනි, නුඹලාගේ කූඩාරම්වලට යන්න. ඉතින් දාවිත්නි, නුඹේම වංශය බලාගන්නැයි කීවෝය. මෙසේ සියලු ඉශ්‍රායෙල්වරු තමුන්ගේ කූඩාරම්වලට ගියෝය. 17නුමුත් යූදා නුවරවල විසූ ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙහි රෙහොබොවම් රජකම්කෙළේය. 18එවිට රෙහොබොවම් රජ රාජකාරියේ මුලාදෑනියාවූ හදොරාම් යැවුවේය; ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔහුට ගල්ගසා ඔහු මැරුවෝය. එවිට රෙහොබොවම් රජ යෙරුසලමට පලායන පිණිස ඉක්මනින් රථයට නැගුණේය. 19මෙසේ අද දවස දක්වා තිබෙන පරිදි ඉශ්‍රායෙල්වරු දාවිත්ගේ වංශයට විරුද්ධව කැරළිගැසූහ.
Currently Selected:
2 1 වංශාවලිය 10: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

: