YouVersion Logo
Search Icon

1 තෙසලෝනික 5:11-24

1 තෙසලෝනික 5:11-24 SROV

එබැවින් නුඹලා කරන්නාක්මෙන් එකිනෙකාට අවවාදකොට, එකිනෙකා වර්ධනයකරගන්න. තවද, සහෝදරයෙනි, නුඹලා අතරෙහි වෙහෙසගන්නාවූ, ස්වාමීන්වහන්සේ තුළ නුඹලා කෙරෙහි ප්‍රධානකම් කරන්නාවූ, නුඹලාට දැනමුතුකම් දෙන්නාවූ තැනැත්තන් දැනගෙන, ඔවුන්ගේ වැඩේ නිසා ප්‍රේමයෙන් ඔවුන් ඉතා උතුම් කොට සලකන ලෙස අපි නුඹලාගෙන් ඉල්ලමුව. තම තමුන් අතරේ සමාදානයෙන් සිටින්න. ඇරත්, සහෝදරයෙනි, අනියම්ලෙස හැසිරෙන්නන්ට දැනමුතුකම් දෙන මෙන්ද ක්ලාන්ත සිත් ඇත්තන් ධෛර්යකරන මෙන්ද දුර්වලයන්ට ආධාරවන මෙන්ද සියල්ලන් ගැන ඉවසිලිවන්තව සිටින මෙන්ද අපි නුඹලාට අවවාදකරමුව. කිසිවෙක් කාටවත් නපුරට නපුර නොකරන්ට බලාගෙන, එකිනෙකා ගැනත් සියල්ලන් ගැනත් නිතරම යහපත්වූ දේ කරන්න. නිතරම ප්‍රීතිවෙන්න; නොකඩව යාච්ඤාකරන්න; සියල්ලේදී ස්තුතිකරන්න. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලා ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය. ආත්මයාණන්වහන්සේ නොනිවන්න; අනාගතවාක්‍යකීම් සුළුකොට නොසිතන්න; සියල්ල සෝදිසිකර බලා, යහපත් දේ තදින් අල්ලාගන්න; සියලු අන්දම්වල නපුරෙන් වැලකෙන්න. සමාදානයේ දෙවියන්වහන්සේම නුඹලා සහමුලින්ම පවිත්‍රකරනසේක්වා; නුඹලාගේ මුළු ආත්මයත් ප්‍රාණයත් ශරීරයත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂාකරනු ලැබේවා. නුඹලා කැඳවන තැනන්වහන්සේ විශ්වාසව සිටිනසේක, උන්වහන්සේ ඒක ඉෂ්ටද කරනසේක.

Verse Images for 1 තෙසලෝනික 5:11-24

1 තෙසලෝනික 5:11-24 - එබැවින් නුඹලා කරන්නාක්මෙන් එකිනෙකාට අවවාදකොට, එකිනෙකා වර්ධනයකරගන්න.

තවද, සහෝදරයෙනි, නුඹලා අතරෙහි වෙහෙසගන්නාවූ, ස්වාමීන්වහන්සේ තුළ නුඹලා කෙරෙහි ප්‍රධානකම් කරන්නාවූ, නුඹලාට දැනමුතුකම් දෙන්නාවූ තැනැත්තන් දැනගෙන, ඔවුන්ගේ වැඩේ නිසා ප්‍රේමයෙන් ඔවුන් ඉතා උතුම් කොට සලකන ලෙස අපි නුඹලාගෙන් ඉල්ලමුව. තම තමුන් අතරේ සමාදානයෙන් සිටින්න. ඇරත්, සහෝදරයෙනි, අනියම්ලෙස හැසිරෙන්නන්ට දැනමුතුකම් දෙන මෙන්ද ක්ලාන්ත සිත් ඇත්තන් ධෛර්යකරන මෙන්ද දුර්වලයන්ට ආධාරවන මෙන්ද සියල්ලන් ගැන ඉවසිලිවන්තව සිටින මෙන්ද අපි නුඹලාට අවවාදකරමුව. කිසිවෙක් කාටවත් නපුරට නපුර නොකරන්ට බලාගෙන, එකිනෙකා ගැනත් සියල්ලන් ගැනත් නිතරම යහපත්වූ දේ කරන්න. නිතරම ප්‍රීතිවෙන්න; නොකඩව යාච්ඤාකරන්න; සියල්ලේදී ස්තුතිකරන්න. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලා ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය. ආත්මයාණන්වහන්සේ නොනිවන්න; අනාගතවාක්‍යකීම් සුළුකොට නොසිතන්න; සියල්ල සෝදිසිකර බලා, යහපත් දේ තදින් අල්ලාගන්න; සියලු අන්දම්වල නපුරෙන් වැලකෙන්න.
සමාදානයේ දෙවියන්වහන්සේම නුඹලා සහමුලින්ම පවිත්‍රකරනසේක්වා; නුඹලාගේ මුළු ආත්මයත් ප්‍රාණයත් ශරීරයත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂාකරනු ලැබේවා. නුඹලා කැඳවන තැනන්වහන්සේ විශ්වාසව සිටිනසේක, උන්වහන්සේ ඒක ඉෂ්ටද කරනසේක.1 තෙසලෝනික 5:11-24 - එබැවින් නුඹලා කරන්නාක්මෙන් එකිනෙකාට අවවාදකොට, එකිනෙකා වර්ධනයකරගන්න.

තවද, සහෝදරයෙනි, නුඹලා අතරෙහි වෙහෙසගන්නාවූ, ස්වාමීන්වහන්සේ තුළ නුඹලා කෙරෙහි ප්‍රධානකම් කරන්නාවූ, නුඹලාට දැනමුතුකම් දෙන්නාවූ තැනැත්තන් දැනගෙන, ඔවුන්ගේ වැඩේ නිසා ප්‍රේමයෙන් ඔවුන් ඉතා උතුම් කොට සලකන ලෙස අපි නුඹලාගෙන් ඉල්ලමුව. තම තමුන් අතරේ සමාදානයෙන් සිටින්න. ඇරත්, සහෝදරයෙනි, අනියම්ලෙස හැසිරෙන්නන්ට දැනමුතුකම් දෙන මෙන්ද ක්ලාන්ත සිත් ඇත්තන් ධෛර්යකරන මෙන්ද දුර්වලයන්ට ආධාරවන මෙන්ද සියල්ලන් ගැන ඉවසිලිවන්තව සිටින මෙන්ද අපි නුඹලාට අවවාදකරමුව. කිසිවෙක් කාටවත් නපුරට නපුර නොකරන්ට බලාගෙන, එකිනෙකා ගැනත් සියල්ලන් ගැනත් නිතරම යහපත්වූ දේ කරන්න. නිතරම ප්‍රීතිවෙන්න; නොකඩව යාච්ඤාකරන්න; සියල්ලේදී ස්තුතිකරන්න. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලා ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය. ආත්මයාණන්වහන්සේ නොනිවන්න; අනාගතවාක්‍යකීම් සුළුකොට නොසිතන්න; සියල්ල සෝදිසිකර බලා, යහපත් දේ තදින් අල්ලාගන්න; සියලු අන්දම්වල නපුරෙන් වැලකෙන්න.
සමාදානයේ දෙවියන්වහන්සේම නුඹලා සහමුලින්ම පවිත්‍රකරනසේක්වා; නුඹලාගේ මුළු ආත්මයත් ප්‍රාණයත් ශරීරයත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂාකරනු ලැබේවා. නුඹලා කැඳවන තැනන්වහන්සේ විශ්වාසව සිටිනසේක, උන්වහන්සේ ඒක ඉෂ්ටද කරනසේක.

Free Reading Plans and Devotionals related to 1 තෙසලෝනික 5:11-24