1 තෙසලෝනික 5:1-3
1 තෙසලෝනික 5:1-3 SROV
නුමුත් සහෝදරයෙනි, කාලවල්ද ප්රස්තාවයන්ද ගැන නුඹලාට යමක් ලියන්ට වුවමනා නැත. මක්නිසාද රාත්රියෙහි සොරෙකු එන්නාක් මෙන් ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙන බව නුඹලාම හොඳහැටි දනිහුය. සමාදානයය, අනතුරක් නැත කියා කියන විට ගර්භණියට විලිරුජාව පැමිණෙන්නාක්මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ; ඔව්හුද කිසිසේත් නොගැළවෙන්නෝය.





