1 සාමුවෙල් 16:11-13
1 සාමුවෙල් 16:11-13 SROV
නුඹේ පුත්‍රයන් හැමදෙනාම මෙහි ඉන්නවාදැයි යෙස්සේගෙන් ඇසුවේය. ඔහු කථාකොට: තව ඉතිරිව ඉන්නේ බාලයාය, ඔහු බැටළුවන් බලාගන සිටිනවායයි කීවේය, සාමුවෙල්ද: කෙනෙක් යවා ඔහු ගෙන්වන්න. ඔහු මෙහි එන තුරු අපි කෑමට ඉඳ නොගන්නෙමුයයි යෙස්සේට කීය. එවිට හෙතෙම කෙනෙකු යවා ඔහු ගෙන්වීය. ඔහු රතුපාටව, ශෝභමාන පෙනීමක් ඇතුව, රූප සම්පන්නව සිටියේය. ස්වාමීන්වහන්සේ: නැගිට මොහු ආලේපකරන්න, මොහු ඒ තැනැත්තායයි කීසේක. එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන ඔහුගේ සහෝදරයන් මැදදී ඔහු ආලේපකෙළේය. එදින පටන් ස්වාමීන්වහන්සේගේ ආත්මය ආනුභාසම්පන්නව දාවිත් කෙරෙහි පැමිණියේය. සාමුවෙල් නැගිට රාමාට ගියේය.





