1 රාජාවලිය 5
5
දේවමාලිගාව සාදන්ට සූදානම් කිරීම
1සාලමොන් ඔහුගේ පියාණන් වෙනුවට රජකොට ආලේපකරනු ලැබූ බව තීර්හි රජවූ හීරාම් අසා තමාගේ සේවකයන් ඔහු වෙතට එවුවේය. මක්නිසාද හීරාම් සෑම කල්හිම දාවිත්ට ස්නේහ ඇත්තෙක් විය. 2සාලමොන් හීරාම් වෙත පණිවිඩයක් යවමින්: 3ස්වාමීන්වහන්සේ මාගේ පියවූ දාවිත්ගේ සතුරන් ඔහුගේ පතුල යට දමන තෙක් ඔහු හාත්පසින් තිබුණු යුද්ධ නිසා ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට ඔහුට බැරිවුණු බව ඔබ දන්නෙහිය. 4නුමුත් දැන් මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ හැම අතින් ම මට නිශ්චලතාව දී තිබේ; එදිරිකාරයෙක්වත් අශුභ සිද්ධියක්වත් නැත්තේය. 5ස්වාමීන්වහන්සේ මාගේ පියවූ දාවිත්ට කථාකොට–නුඹ වෙනුවට නුඹේ සිංහාසනය පිට මා විසින් තබන නුඹේ පුත්‍රයා මාගේ නාමයට ගෘහයක් ගොඩනගනවා ඇතැයි කී හැටියට මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට මම අදහස්කරමි. 6එබැවින් ලෙබනොන්හි කිහිරි ගස් මට කපා දෙන්ට අණකළ මැනවි; මාගේ වැඩකාරයෝ ඔබගේ වැඩකාරයින් හා සමඟ වන්නෝය; ඔබගේ වැඩකාරයන්ගේ කුලී ඔබ කියන ප්‍රකාරයටම ඔබට දෙන්නෙමි. මක්නිසාද ශීදොන්වරුන් මෙන් ලී කපන්ට දන්න කෙනෙක් අප අතරේ නැති බව ඔබ දන්නෙහියයි කියා ඇරියේය. 7හීරාම් සාලමොන්ගේ වචනය අසා ඉතා ප්‍රීතිවී: ඒ මහත්වූ සෙනඟ ආණ්ඩුකරන පිණිස ප්‍රඥාවන්ත පුත්‍රයෙකු දාවිත්ට දුන්නාවූ ස්වාමීන්වහන්සේට අද ප්‍රශංසා වේවයි කීවේය. 8හීරාම් සාලමොන් වෙත පණිවිඩයක් එවමින්: ඔබ මට කියා එවූ කාරණා ඇසීමි. කිහිරි ලී ගැනද දේවදාර ලී ගැනද ඔබගේ මුළු කැමැත්ත ඉෂ්ටකරන්නෙමි. 9මාගේ වැඩකාරයෝ ලෙබනොන්හි සිට මුහුද ළඟට ඒවා ගෙනෙන්නෝය. මම ඒවා පහුරු බඳවා ඔබ මට කියා එවන තැනකට මුහුදෙන් එවන්නෙමි, තවද ඔබ විසින් බාරගන්න පිණිස ඒවා එහිදී ලිහන්ට සලස්වන්නෙමි. ඔබ වනාහි මාගේ ගෙයි වැසියන්ට ආහාර දීමෙන් මාගේ කැමැත්ත ඉෂ්ටකරන්නෙහියයි කියා එවුවේය. 10මෙසේ හීරාම් සාලමොන්ගේ මුළු කැමැත්ත ලෙස කිහිරි ලීද දේවදාර ලීද ඔහුට දුන්නේය. 11සාලමොන්ද හීරාම්ගේ ගෙයි වැසියන්ට ආහාර පිණිස ගෝධුම කෝර විසිදහසක්ද හිඳපු තෙල් කෝර විස්සක්ද ඔහුට දුන්නේය. සාලමොන් අවුරුද්දෙන් අවුරුද්ද මෙසේ හීරාම්ට දුන්නේය. 12ස්වාමීන්වහන්සේ සාලමොන්ට පොරොන්දුවූ ලෙස උන්වහන්සේ ඔහුට ප්‍රඥාව දුන්සේක; හීරාම් සහ සාලමොන් අතරේ සමාදානය පැවතුණේය; තවද ඔවුන් දෙදෙනා එක්ව ගිවිසුමක් කරගත්තෝය.
13සාලමොන් රජ සියලු ඉශ්රායෙල්වරුන් අතරෙන් රාජකාරියට මිනිසුන් ගත්තේය; ඊට තෝරාගනු ලැබූ මනුෂ්‍යයෝ තිස්දහසක්ය. 14ඔහු මාසයකට දසදහසක් බැගින් වාර පිළිවෙළින් ඔවුන් ලෙබනොන්ට යැවීය. ඔව්හු එක මසක් ලෙබනොන්හිද දෙමසක් ගෙදරද සිටියෝය. අදොනිරාම් වනාහි රාජකාරියේ මුලාදෑනියා විය. 15බර උසුලන්නෝ හැත්තෑ දහසක්ද කඳුවල ලී හා ගල්කපන්නෝ අසූදහසක්ද සාලමොන්ට සිටියෝය. 16ඒ හැර වැඩබලාගත්තාවූ, වැඩකළ සෙනඟ ආණ්ඩුකළාවූ, සාලමොන්ගේ ප්‍රධාන මුලාදෑනීන් තුන්දහස් තුන්සියයක් වූහ. 17කැපූ ගල්වලින් ගෘහයේ අත්තිවාරම තබන පිණිස රජුගේ ආඥාව පිට මහත්වූද අනර්ඝවූද ගල් ගෙනාවෝය. 18සාලමොන්ගේ වඩුවෝද හීරාම්ගේ වඩුවෝද ගෙබලිවරුද ඒවා කැපුවෝය, මෙසේ ගෘහය තැනීමට ඔව්හු ලී දඬුද ගල්ද සූදානම්කළෝය.
Currently Selected:
1 රාජාවලිය 5: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

: