YouVersion Logo
Search Icon

1 රාජාවලිය 11:1-12

1 රාජාවලිය 11:1-12 SROV

සාලමොන් රජ බොහෝ අන්‍යජාති ස්ත්‍රීන්ට එනම් ඵාරාවෝගේ දුව ඇතුළුව මෝවබ්වරුන්ගේද අම්මොන්වරුන්ගේද ඒදොම්වරුන්ගේද ශීදොන්වරුන්ගේද හිත්තීවරුන්ගේද කාන්තාවන්වූ බොහෝ අන්‍ය ජාති ස්ත්‍රිවරුන්ටත් ආදරේවුණේය. සැබවින්ම ඔවුන් නුඹලාගේ සිත් තමුන්ගේ දෙවිවරුන් වෙතට හරවන බැවින් නුඹලා ඔවුන් අතරට නොයා යුතුය, ඔවුන්ට නුඹලා අතරට එන්ට ඉඩ නොදිය යුතුය කියා ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට යම් යම් ජාතීන් ගැන කීසේක්ද ඒ ජාතීන්ට සාලමොන් ස්නේහයෙන් ඇලුම්වූයේය. ඔහුට කුමාරිකා භාර්යාවන් සත්සියයක්ද උපභාර්යාවන් තුන්සියයක්ද සිටියෝය. ඔහුගේ භාර්යාවෝ ඔහුගේ සිත හරවාගත්තෝය. එසේය, සාලමොන් මහලුවූ කල ඔහුගේ භාර්යාවෝ ඔහුගේ සිත අන් දෙවිවරුන් වෙතට හැරෙවුවෝය. ඔහුගේ සිතද තමාගේ පියවූ දාවිත්ගේ සිතමෙන් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි සම්පූර්ණව නොතිබුණේය. මක්නිසාද සාලමොන් ශීදොන්වරුන්ගේ දේවතාවීවූ අෂ්ටාරොත්ද අම්මොන්වරුන්ගේ පිළිකුලවූ මිල්කොම්ද අනුව ගොස්, ස්වාමීන්වහන්සේගේ ඇස් හමුයෙහි නපුරුව තිබුණු දේ කෙළේය, ඔහු තමාගේ පියවූ දාවිත් මෙන් ස්වාමීන්වහන්සේ අනුව සම්පූර්ණ ලෙස ගියේ නැත. එකල සාලමොන් යෙරුසලම ඉදිරියෙහිවූ කන්දේ මෝවබ්වරුන්ගේ පිළිකුලවූ කෙමොෂ්ටත් අම්මොන් පුත්‍රයන්ගේ පිළිකුලවූ මොලෙක්ටත් උස්තැනක් ගොඩනැගුවේය. තමුන්ගේ දෙවිවරුන්ට සුවඳ දුම්ද පූජාද ඔප්පුකළාවූ තමාගේ සියලු අන්‍ය ජාතික භාර්යාවන්ටත් ඔහු එසේම සාදා දුන්නේය. මෙසේ සාලමොන් තමාට දෙවරක් පෙනී, අන් දෙවිවරුන් පසුව නොයන ලෙස තමාට අණකළාවූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙන් තමාගේ සිත අහක්කරගත් බැවින්, ස්වාමීන්වහන්සේ ඔහුට උදහස්වූසේක. ස්වාමීන්වහන්සේ ඔහුට අණකළ දේ ඔහු පැවැත්තුවේ නැත. එබැවින් ස්වාමීන්වහන්සේ සාලමොන්ට කථාකොට: නුඹ මාගේ ගිවිසුමද මා නුඹට අණකළ මාගේ පනත්ද නොපවත්වා මෙසේ කළ බැවින්, මම සැබවින්ම රාජ්‍යය නුඹෙන් උදුරා නුඹේ මෙහෙකරුවාට දෙන්නෙමි. එහෙත් නුඹේ පියවූ දාවිත් නිසා මම නුඹේ දවස්වලදී ඒක නොකොට නුඹේ පුත්‍රයාගේ අතින් ඒක පැහැරගන්නෙමි.

Free Reading Plans and Devotionals related to 1 රාජාවලිය 11:1-12