1 වංශාවලිය 7:6-12
1 වංශාවලිය 7:6-12 SROV
බෙන්යමින්ගේ පුත්‍රයෝ නම්: බෙලා, බෙකෙර්, යෙදීයයෙල් යන තුන්දෙනාය. බෙලාගේ පුත්‍රයෝ නම්: එශ්බොන්, උස්සීය, උස්සීයෙල්, යෙරීමොත්, ඊරි යන පස්දෙනාය; ඔව්හු තමුන්ගේ පිය වංශවල ප්‍රධානියෝව බලවන්ත මනුෂ්‍යයෝව සිටියෝය; ඔව්හු පෙළපත් වශයෙන් ගණන්කරනලදුව විසිදෙදාස් තිස්හතර දෙනෙක් වූහ. බෙකෙර්ගේ පුත්‍රයෝ නම්: සෙමිරා, යෝවාෂ්, එලියෙසෙර්, එලියෝයේනයි, ඔම්රි, යෙරේමොත්, අබියා, අනතෝත් සහ ආලෙමෙත්ය. මේ සියල්ලෝ බෙකෙර්ගේ පුත්‍රයෝය. ඔවුන්ගේ පෙළපත් වශයෙන්, තමුන්ගේ පරම්පරා හැටියට, තමුන්ගේ පියවංශවල ප්‍රධානියෝව සිටි බලවන්ත මනුෂ්‍යයන් විසිදාස් දෙසියයක්ය. යෙදීයයෙල්ගේ පුත්‍රයෝ: බිල්හාන්ය. බිල්හාන්ගේ පුත්‍රයෝ නම්: යෙවුෂ්, බෙන්යමින්, ඒහුද්, කෙනානා, ශේතාන්, තර්ෂිෂ් සහ අහිෂාහර්ය. මේ සියල්ලෝ තමුන්ගේ පියවංශවල ප්‍රකාරයට යෙදීයයෙල්ගේ පුත්‍රයෝව, සේනා වශයෙන් යුද්ධයට යන්ට පුළුවන්වූ බලවන්ත මනුෂ්‍යයෝව සිටියෝය, ඔව්හු දහහත්දාස් දෙසිය දෙනෙක්ය. ෂුප්පීම්ද හුප්පීම්ද ඊර්ගේ පුත්‍රයෝය. හුෂ්ෂීම් අහෙර්ගේ පුත්‍රයෙක්ය.


