1 වංශාවලිය 4:1-23
1 වංශාවලිය 4:1-23 SROV
යූදාගේ පුත්‍රයෝ නම්: පෙරෙශ්, හෙශ්රොන්, කර්මි, හූර් සහ ෂෝබාල්ය. ෂෝබාල්ගේ පුත්‍රවූ රෙයායාට දාව යහත් උපන්නේය; යහත්ට දාව අහුමයි සහ ලාහද් උපන්නෝය. මොව්හු ශොරාතිවරුන්ගේ පවුල්ය. ඒතාම්ගේ පියාගෙන් උපන් අය නම්: යෙස්රෙයෙල්, ඉෂ්මා සහ ඉඩිබාෂ්ය. ඔවුන්ගේ සහෝදරීගේ නම හශ්ශෙලෙල්පොනීය. ගෙදොර්ගේ පියවූ පෙනුවේල්ය, හූෂාගේ පියවූ එසෙර්ය. මොව්හු එප්‍රාතාගේ කුලුඳුලාවූ, බෙත්-ලෙහෙම්ගේ පියවූ හූර්ගේ පුත්‍රයෝය. තෙකෝවාගේ පියවූ අෂ්හූර්ට හෙලෙයා සහ නයරා යන භාර්යාවෝ දෙදෙනෙක් වූහ. නයරා ඔහු නිසා අහුස්සාම්ද හේපෙර්ද තේමෙනිද හාහෂ්තාරිද බිහිකළාය. නයරාගේ පුත්‍රයෝ මොව්හුය. හෙලෙයාගේ පුත්‍රයෝ නම්: ශෙරෙත්, ඉශ්හාර් සහ එත්නන්ය. හක්කොශ්ට දාව ආනූබ්ද ශොබේබාද හාරුම්ගේ පුත්‍රවූ අහර්හෙල්ගේ පවුල්ද උපන්නෝය. යාබෙශ් තමාගේ සහෝදරයන්ට වඩා ගෞරව ලැබුවේය. ඔහුගේ මවු: මම වේදනාවෙන් ඔහු බිහිකළෙමියි කියා ඔහුට යාබෙශ් යන නම තැබුවාය. යාබෙශ්ද ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේට යාච්ඤාකොට: අහෝ, ඔබ මට ආශීර්වාදකර, මාගේ සීමාව විශාලකර, ඔබගේ අතින් මට පිහිටවී, මට දුක් නූපදින ලෙස විපතෙන් මා ආරක්ෂා කළ මැනවයි කීවේය. දෙවියන්වහන්සේද ඔහුගේ ඉල්ලීම ඉෂ්ටකළසේක. ෂුහාගේ සහෝදරවූ කෙලූබ්ට දාව මෙහීර් උපන්නේය, ඔහු එෂ්තොන්ගේ පියාය. එෂ්තොන්ට දාව බෙත්-රාපාද පසේයාද ඊර්-නාහාෂ්ගේ පියවූ තෙහින්නාද උපන්නෝය. මොව්හු රේකාහි මනුෂ්‍යයෝය. කෙනස්ගේ පුත්‍රයෝ නම්: ඔත්නියෙල් සහ සෙරායාය. ඔත්නියෙල්ගේ පුත්‍රයෝ: හතත්ය. මෙයෝනොතයිට දාව ඔප්රා උපන්නේය. සෙරායාට දාව ගෙ-හරාෂිවරුන්ගේ පියවූ යෝවාබ් උපන්නේය; ඔව්හු කර්මාන්තකාරයෝය. යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ගේ පුත්‍රයෝ නම්: ඊරු, ඒලා සහ නයම්ය. ඒලාගේ පුත්‍රයන් සහ කෙනස්ය. යෙහල්ලෙලෙල්ගේ පුත්‍රයෝ නම්: ශීප්, ශීපා, තිරියා සහ අසරේල්ය. එස්රාගේ පුත්‍රයෝ නම්: යෙතෙර්, මෙරේද්, ඒපෙර් සහ යාලොන්ය. මෙරෙද් පාවාගත්තාවූ, ඵාරාවෝගේ දුවවූ බිතියාගේ පුත්‍රයෝ මොව්හුය. ඈ මිරියාම්ද ෂම්මයිද එෂ්තෙමෝවාගේ පියවූ ඉෂ්බාද බිහිකළාය. ඔහුගේ යුදෙව් භාර්යාව ගෙදොර්ගේ පියවූ යෙරෙද්ද ශෝකෝගේ පියවූ හෙබෙර්ද ශානොවාගේ පියවූ යෙකූතියෙල්ද බිහිකළාය. කෙයිලාගේ පියා වන නහම්ගේ සහෝදරීවූ, හෝදියාගේ භාර්යාවගේ පුත්‍රයෝ නම්: ගර්මී සහ මයකාතිය එෂ්තෙමෝවාය. ෂිමොන්ගේ පුත්‍රයෝ නම්: අම්නොන්, රින්නා, බෙන්-හානාන් සහ තීලොන්ය. ඉෂිගේ පුත්‍රයෝ නම්: සෝහෙත් සහ බෙන්-සෝහෙත්ය. යූදාගේ පුත්‍රවූ ෂේලාගේ පුත්‍රයෝ නම්: ලේකාගේ පියවූ ඒර්ද මරේෂාගේ පියවූ ලෙයෙදාද අෂ්බෙයාගේ වංශය වන සිහින් හණ රෙදි වියන්නන්ගේ වංශයේ පවුල්ද; යෝකීම්ද කොසේබාහි මනුෂ්‍යයෝද මෝවබ්වරුන් කෙරෙහි ආණ්ඩුකළාවූ යෝවාෂ් සහ සාරාප්ද යාෂූබී-ලෙහෙම්ද යන මොව්හුය. මේවා වනාහි පුරාණ කාරණය. මොව්හු කුම්භකාරයෝව නෙතායිම්හිද ගෙදෙරාහිද විසුවෝය. මොව්හු රජුගේ වැඩ කරන පිණිස එහි ඔහු සමඟ වාසයකළෝය.

