YouVersion Logo
Search Icon

1 වංශාවලිය 2

2
1ඉශ්‍රායෙල්ගේ පුත්‍රයෝ නම්: රූබෙන්, සිමියොන්, ලෙවී සහ යූදාය, ඉස්සාඛර් සහ සාබුලොන්ය; 2දාන්, යෝසෙප්, සහ බෙන්යමින්ය, නප්තලී, ගාද් සහ ආෂෙර්ය.
යූදාගේ ගෝත්‍රය
3යූදාගේ පුත්‍රයෝ නම්: ඒර්, ඕනාන් සහ ෂේලාය. මේ තුන්දෙනා කානානිය බැත්-ෂුවාගෙන් ඔහු නිසා උපන්නෝය. යූදාගේ කුලුඳුලාවූ ඒර් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දුෂ්ටව සිටිය බැවින් උන්වහන්සේ ඔහු නැසූසේක. 4ඔහුගේ ලේලිවූ තාමාර් තොමෝ පෙරෙශ්ද සෙරාද ඔහු නිසා බිහිකළාය. යූදාගේ සියලු පුත්‍රයෝ පස්දෙනෙක්ය. 5පෙරෙශ්ගේ පුත්‍රයෝ නම්: හෙශ්රොන් සහ හාමුල්ය. 6සෙරාගේ පුත්‍රයෝ නම්: සිම්රී, ඒතාන්, හේමාන්, කල්කොල් සහ දාරාය. ඒ සියල්ලෝ පස්දෙනෙක්ය. 7කැපවූ දේ ගැන අපරාධයක් කර ඉශ්‍රායෙල් කැලඹුවාවූ ආකාර් කර්මීගේ පුත්‍රයෙක්ය. 8අසරියා ඒතාන්ගේ පුත්‍රයෙක්ය. 9හෙශ්රොන්ට උපන් ඔහුගේ පුත්‍රයෝ නම්: යෙරාමෙයෙල්, රාම් සහ කෙලුබයිය. 10රාම්ට දාව අම්මිනාදාබ් උපන්නේය; අම්මිනාදාබ්ට දාව යූදාගේ පුත්‍රයන්ට අධිපතියාවූ නාෂොන් උපන්නේය. 11නාෂොන්ට දාව සල්මාද සල්මාට දාව බෝවස්ද උපන්නෝය; 12බෝවස්ට දාව ඕබෙද්ද ඕබෙද්ට දාව යෙස්සේද උපන්නෝය; 13යෙස්සේට දාව ඔහුගේ කුලුඳුලාවූ එලියාබ්ද දෙවෙනියාවූ අබිනාදාබ්ද තුන්වෙනියාවූ ෂිමෙයාද; 14සතරවෙනියාවූ නෙතනෙල්ද පස්වෙනියාවූ රද්දයිද; 15හවෙනියාවූ ඔශෙම්ද සත්වෙනියාවූ දාවිත්ද උපන්නෝය. 16මොවුන්ගේ සහෝදරියෝ නම්: ශෙරුයා සහ අබිගයිල්ය. ශෙරුයාගේ පුත්‍රයෝ නම්: අබිෂයිද යෝවාබ්ද අසාහෙල්ද යන තුන්දෙනාය. 17අබිගයිල් තොමෝ අමාසා බිහිකළාය. අමාසාගේ පියා නම් ඉෂ්මායෙලිතයාවූ යෙතෙර්ය. 18හෙශ්රොන්ගේ පුත්‍රවූ කාලෙබ්ට දාව ඔහුගේ භාර්යාවවූ අසුබාගෙන්ද යෙරියොත්ගෙන්ද පුත්‍රයෝ උපන්නෝය. ඇගේ පුත්‍රයෝ නම්: යේෂෙර්, ෂෝබාබ් සහ අර්දොන්ය. 19අසුබා මැරුණු පසු කාලෙබ් එප්‍රාත් පාවාගත්තේය, ඈ ඔහු නිසා හූර් බිහිකළාය. 20හූර්ට දාව උරී උපන්නේය, උරීට දාව බෙශලෙල් උපන්නේය. 21පසුව හෙශ්රොන් තමා හැට අවුරුදු වයස්වූ කල, ගිලියද්හට පියවූ මාකීර්ගේ දුව පාවාගෙන ඈ වෙතට පැමුණුණේය; ඇයට ඔහු නිසා සෙගූබ් උපන්නේය. 22සෙගූබ්ට දාව යායිර් උපන්නේය, ඔහුට ගිලියද් දේශයෙහි නුවරවල් විසිතුනක් තිබුණේය. 23ගෙෂූර්වරුද සිරියවරුද යායිර්හි නුවරවල් සහ කෙනාත්ද ඊට අයිති ගම් වන නුවරවල් සැටක්ද ඔවුන්ගෙන් අල්ලාගත්තෝය. මේ සියල්ලෝ ගිලියද්ගේ පියවූ මාකීර්ගේ පුත්‍රයෝය. 24හෙශ්රොන් කාලෙබ්-එප්‍රාතාහිදී මැරුණු පසු හෙශ්රොන්ගේ භාර්යාවවූ අබියා තෙකෝවාගේ පියවූ අෂ්හූර් ඔහු නිසා බිහිකළාය. 25හෙශ්රොන්ගේ කුලුඳුලාවූ යෙරාමෙයෙල්ගේ පුත්‍රයෝ නම්: කුලුඳුලාවූ රාම්, බූනා, ඔරෙන්, ඔශෙම් සහ අහියාය. 26යෙරාමෙයෙල්ට අටාරානම් වෙන භාර්යාවක් වූවාය; ඈ ඕනාම්ගේ මවුය. 27යෙරාමෙයෙල්ගේ කුලුඳුලාවූ රාම්ගේ පුත්‍රයෝ නම්: මයශ්, යාමීන් සහ ඒකෙර්ය. 28ඕනාම්ගේ පුත්‍රයෝ නම්: ෂම්මයි සහ යාදාය. ෂම්මයිගේ පුත්‍රයෝ නම්: නාදාබ් සහ අබිෂූර්ය. 29අබිෂූර්ගේ භාර්යාවගේ නම අබිහයිල්ය; ඈ ආබාන් සහ මෝලීද් ඔහු නිසා බිහිකළාය. 30නාදාබ්ගේ පුත්‍රයෝ නම්: සෙලෙද් සහ අප්පයිම්ය. සෙලෙද් දරුවන් නොලැබ මළේය. 31අප්පයිම්ගේ පුත්‍රයෝ: ඉෂීය. ඉෂීගේ පුත්‍රයෝ: ෂේෂාන්ය. ෂේෂාන්ගේ පුත්‍රයෝ: ආලයිය. 32ෂම්මයිගේ සහෝදරවූ යාදාගේ පුත්‍රයෝනම්: යෙතෙර් සහ යොනාතාන්ය. යෙතෙර් දරුවන් නොලැබ මළේය. 33යොනාතාන්ගේ පුත්‍රයෝ නම්: පෙලෙත් සහ සාසාය. මොව්හු යෙරාමෙයෙල්ගේ පුත්‍රයෝය. 34ෂේෂාන්ට දූවරුන් මිස පුත්‍රයෝ නොසිටියෝය. ෂේෂාන්ට මිසරයෙක්වූ යර්හා නම් වැඩකාරයෙක් සිටියේය. 35ෂේෂාන් තමාගේ වැඩකාරයාවූ යර්හාට තමාගේ දුව භාර්යාකොට දුන්නේය; ඈ ඔහු නිසා අත්තයි බිහිකළාය. 36අත්තයිට දාව නාතාන් උපන්නේය, නාතාන්ට දාව සාබාද් උපන්නේය; 37සාබාද්ට දාව එප්ලාල් උපන්නේය, එප්ලාල්ට දාව ඕබෙද් උපන්නේය; 38ඕබෙද්ට දාව යේහු උපන්නේය, යේහුට දාව අසරියා උපන්නේය; 39අසිරියාට දාව හෙලෙශ් උපන්නේය, හෙලෙශ්ට දාව එලෙයාසා උපන්නේය; 40එලෙයාසාට දාව සිස්මයි උපන්නේය, සිස්මයිට දාව ෂල්ලුම් උපන්නේය; 41ෂල්ලුම්ට දාව යෙකමියා උපන්නේය, යෙකමියාට දාව එලිෂාමා උපන්නේය. 42යෙරාමෙයෙල්ගේ සහෝදරවූ කාලෙබ්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ කුලුඳුලාවූ, සීප්ගේ පියවූ මේෂා සහ හෙබ්‍රොන්ගේ පියවූ මරේෂාගේ පුත්‍රයොත්ය. 43හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ නම්: කෝරා, තප්පුවා, රෙකෙම් සහ 44ෂෙමාය. ෂෙමාට දාව යොර්කෙයාම්ගේ පියාවූ රහම් උපන්නේය; රෙකෙම්ට දාව ෂම්මයි උපන්නේය. 45මායොන් ෂම්මයිගේ පුත්‍රයාය; මායොන් බෙත්-ශුර්ගේ පියාය. 46කාලෙබ්ගේ උපභාර්යාවවූ ඒපා හාරාන්ද මෝශාද ගාසෙස්ද බිහිකළාය. හාරාන්ට දාව ගාසෙස් උපන්නේය. 47යාදයිගේ පුත්‍රයෝ නම්: රෙගෙම්, යෝතාම්, ගේෂාන්, පෙලෙට්, ඒපා සහ ෂයප්ය. 48කාලෙබ්ගේ උපභාර්යාවූ මයකා ෂෙබෙර් සහ තිර්හනා බිහිකළාය. 49ඈ මද්මන්නාගේ පියවූ ෂයප්ද මක්බේනාගේ සහ ගිබෙයාගේ පියවූ ෂෙවාද බිහිකළාය; කාලෙබ්ගේ දුව අක්සාය. 50මොව්හු කාලෙබ්ගේ පුත්‍රයෝය; එප්‍රාතාගේ කුලුඳුලාවූ බෙන්හුර්ය, #2:50 මෙබඳු නාම ගැන 1 ලේකම් 2:24 සංලක්ෂණය බලනු.කිරියත්-යෙයාරීම්ගේ පියවූ ෂෝබාල්; 51බෙත්-ලෙහෙම්ගේ පියවූ සල්මා සහ බෙත්-ගාදෙර්ගේ පියවූ හාරෙප්ය. 52කිරියත්-යෙයාරීම්ගේ පියවූ ෂෝබාල්ට පුත්‍රයෝ සිටියෝය; එනම් හාරොවේ සහ මෙනුහොත්වරුන්ගෙන් දෙකෙන් කොටසක්ය. 53කිරියත්-යෙයාරීම්ගේ පවුල් නම් ඉත්රියවරු, පූතිවරු, ෂුමාතිවරු සහ මිෂ්රායිවරුය; මොවුන්ගෙන් ශොරාතිවරුද එෂ්තායෝලිවරුද පැවත ආවෝය. 54සල්මාගේ පුත්‍රයෝ නම්: බෙත්-ලෙහෙම්වරු, නෙටෝපාතිවරු, අට්රොත්-බෙත්-යෝවාබ්, මානහතිවරුන්ගෙන් දෙකෙන් කොටසක් සහ ශොරියවරුත්ය. 55යාබේශ්හි විසූ ලියන්නන්ගේ පවුල් නම්: තිරාතිවරු, ෂිමියාතිවරු සහ සුකාතිවරුය. මොව්හු රෙකාබ්ගේ වංශයේ පියවූ හම්මත්ගෙන් පැවත ආ කේනිවරුය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in