1
රෝම 7:25
සිංහල කාලීන පරිවර්තනය
SCV
යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මගින් දෙවියන්වහන්සේට ස්තුති වේවා! මෙසේ මම, මගේ මනසින් සේවය කරන්නේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට ය; එහෙත් මගේ මාංසයෙන් මා සේවය කරන්නේ පාපයේ ව්‍යවස්ථාවට ය.
Compare
Explore රෝම 7:25
2
රෝම 7:18
මන්ද මා තුළ, මගේ මාංසය තුළ කිසි යහපතක් වෙසෙන්නේ නැති වග මම දනිමි. මන්ද හරි දේ කිරීමේ ආශාව මට ඇතත්, ඒ දේ කිරීමේ හැකියාව මට නැත.
Explore රෝම 7:18
3
රෝම 7:19
මන්ද මා දිගට ම කරන්නේ, මා කරන්නට කැමති යහපත නො ව, කරන්නට අකමැති නපුරයි.
Explore රෝම 7:19
4
රෝම 7:20
මෙසේ මා කරන්නේ, කරන්නට මා අකමැති දෙය ම නම්, තවදුරටත් එසේ කරන්නේ, මා නො ව, මා තුළ වෙසෙන පාපයයි.
Explore රෝම 7:20
5
රෝම 7:21-22
මෙසේ, යහපත කරන්නට මට ඕනෑ කරන හැම විට, නපුර අත ළඟ ම ලැග සිටීමේ නීතියක් ක්‍රියාත්මක බැව් මට පෙනේ. මන්ද මගේ ඇතුළාන්ත මිනිසාගෙන් මම දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ප්‍රමෝද වන්නෙමි.
Explore රෝම 7:21-22
6
රෝම 7:16
තවද මා කරන්නේ, කරන්නට මා අකමැති දේ නම්, ව්‍යවස්ථාව යහපත් වගට මම එකඟ වෙමි.
Explore රෝම 7:16
Home
Bible
Plans
Videos