1
රෝම 4:20-21
සිංහල කාලීන පරිවර්තනය
SCV
දෙවියන්වහන්සේගේ පොරොන්දුව ගැන අවිශ්වාසයකින්, ඔහු තමා තුළ දෙගිඩියාවක් ඇතිකර නො ගෙන, තම ඇදහිල්ලෙහි බලවත් වෙමින්, දෙවියන්වහන්සේට මහිමය දුන්නේ, පොරොන්දු වූ දේ ඉටු කරන්නට උන්වහන්සේට පුළුවනැයි සහතිකයෙන් ම ඒත්තු ගැනීමෙනි.
Compare
Explore රෝම 4:20-21
2
රෝම 4:17
ඒ, “මම ඔබ බොහෝ ජාතීන්ගේ පියා කළෙමි” යි ලියා ඇති පරිදි, ආබ්‍රහම් තමා විශ්වාසය තැබූ දෙවියන්වහන්සේ ඉදිරියේ ය; උන්වහන්සේ මළවුන්ට ජීවනය දෙන, නැති දේ ඇති දේ වන්නට අණ කරන තැනැන්වහන්සේ ය.
Explore රෝම 4:17
3
රෝම 4:25
උන්වහන්සේ පාවා දෙනු ලැබුවේ, අපගේ පාප උදෙසා ය; නැගිටුවනු ලැබුවේ අප නිර්දෝෂ කොට ගණන් ගැනීම උදෙසා ය.
Explore රෝම 4:25
4
රෝම 4:18
“ඔබේ පෙළපත එසේ වන්නේ යැ” යි ඔහුට පවසා තිබූ ලෙස තමා බොහෝ ජාතීන්ගේ පියා වෙතැයි ඔහු බලාපොරොත්තුවෙන් විශ්වාස කළේ බලාපොරොත්තු තබන්නට ඉඩ නැති තැන ය.
Explore රෝම 4:18
5
රෝම 4:16
පොරොන්දුව ඇදහිල්ල මත රඳා පවත්නේ එබැවිනි; එසේ වන්නේ, එය අනුග්‍රහයෙන් පිහිටන පිණිසත්, ඔහුගේ මුළු පෙළපතට එය ඇපයක් වන පිණිසත් ය. ඒ පෙළපත ව්‍යවස්ථාව යටතේ සිටිනවුන්ගේ පමණක් නො වේ; ආබ්‍රහම්ගේ ඇදහිල්ලට පංගුකාර වූ අයගේත් ය; අප හැමගේ පියා ආබ්‍රහම් ය.
Explore රෝම 4:16
6
රෝම 4:7-8
“තමන්ගේ අපරාධවලට කමාව ලැබූවෝ ද තමන්ගේ පාප වසා දමනු ලැබූවෝ ද භාග්‍යවත් ය. ස්වාමින්වහන්සේ යමකුගේ පාප, ඔහුට එරෙහිව ගණන් නො ගන්නා සේක් ද, ඒ තැනැත්තා භාග්‍යවත් ය.”
Explore රෝම 4:7-8
7
රෝම 4:3
ශුද්ධ ලියවිල්ල කුමක් පවසයි ද? “ආබ්‍රහම් දෙවියන්වහන්සේ විශ්වාස කළේ ය; එය ඔහුට ධර්මිෂ්ඨකම වශයෙන් ගණන් ගනු ලැබී ය” යනුවෙනි.
Explore රෝම 4:3
Home
Bible
Plans
Videos