ස්වප්නයකින්, රාත්රියේ දර්ශනයකින්,
මිනිසුන් තම යහන් මත නිදා සිටියදී,
බර නින්දට වැටුණු කල,
උන්වහන්සේ ඔවුන්ගේ කනට ළං ව කතා කර,
අනතුරු අඟවමින් ඔවුන් බය කරන්නේ,
වැරදි කිරීමෙන් මිනිසා ඉවත හරවන පිණිස හා
උඩඟුවීම ඔහු වෙතින් පහ කරන පිණිස ය.
ඔහුගේ ජීවය නරාවළෙන් සුරකිනු පිණිස ය;
ඔහුගේ ජීවිතය කඩුපතින් විනාශ නො කරන පිණිස ය.