1
යෙරමියා 6:16
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “හරස් පාරවල් ළඟ සිටගෙන, බලන්න. ඉපැරණි මාවත් ගැන අහන්න. හොඳ මාර්ගය කොතැන්හි දැයි අසා, එහි ගමන් කර, ඔබේ ජීවාත්මයට විශ්‍රාමය අත්කර ගන්න. එහෙත්, ‘අපි එහි ගමන් ගන්නේ නැතැ’ යි ඔවුහු කියති.
Compare
Explore යෙරමියා 6:16
2
යෙරමියා 6:14
මගේ ජනයාගේ තුවාලයට ඔවුන් බෙහෙත් බැඳ ඇත්තේ, ඕනෑවට-එපාවට ය. ‘සාමය, සාමය’ යයි ඔවුහු කියති. එහෙත්, ඇති සාමයක් නැත.
Explore යෙරමියා 6:14
3
යෙරමියා 6:19
එම්බා පොළොව, මේ අසනු. මෙන්න මේ ජනතාව පිට මම විපත්තිය ගෙනෙන්නෙමි. ඔවුන්ගේ කූටෝපායයන්වල පලය එයයි. මන්ද මගේ වචනවලට ඔවුන් අවධානය යොමු කළේ නැත. මගේ ව්‍යවස්ථාව ඔවුහු ප්‍රතික්ෂේප කළෝ ය.
Explore යෙරමියා 6:19
4
යෙරමියා 6:10
ඔවුන් සවන් දෙන පිණිස මම කවරකු අමතා අවවාද කරම් ද? මෙන්න ඔවුන්ගේ සවන් චර්මඡේද කර නැත. ඔවුනට සවන් දෙන්නට බැරි ය. මෙන්න! ස්වාමින්වහන්සේගේ වචනය ඔවුනට සමච්චලයට කරුණකි. ඔවුන් ඒ තුළ ප්‍රසන්න වන්නේ නැත.
Explore යෙරමියා 6:10
Home
Bible
Plans
Videos