1
හෙබ්‍රෙව් 9:28
සිංහල කාලීන පරිවර්තනය
SCV
ක්‍රිස්තුස්වහන්සේ බොහෝ දෙනකුගේ පාප දරා ගැනීමට එක ම වරක් පූජා වූ සේක; පාප ඉසිලීමට නො ව, උන්වහන්සේගේ ඊම ආශාවෙන් බලා සිටින්නන් ගලවන පිණිස, උන්වහන්සේ දෙවන වරටත් ප්‍රකාශ වන සේක.
Compare
Explore හෙබ්‍රෙව් 9:28
2
හෙබ්‍රෙව් 9:14
ජීවමාන දෙවියන්වහන්සේට සේවය කරන පිණිස, කැළලක් නැතිව තමන් ම, සදාතන ආත්මයාණන් මගින් දෙවියන්වහන්සේට ඔප්පු වූ ක්‍රිස්තුස්වහන්සේගේ ලේ මගින් ඊට කොතරම් වැඩියෙන් මළ ක්‍රියා වෙතින් අපගේ හදවත් පවිත්‍ර නො කෙරේ ද!
Explore හෙබ්‍රෙව් 9:14
3
හෙබ්‍රෙව් 9:27
එක් වරක් මරණයත්, ඉන්පසු විනිශ්චයත් මිනිසාට නියම ව ඇති සේ ම
Explore හෙබ්‍රෙව් 9:27
4
හෙබ්‍රෙව් 9:22
සැබවින් ම, ව්‍යවස්ථාව යටතේ හැම දෙයක් ම ලෙයින් පවිත්‍ර කරනු ලැබිණ; ලේ වැගිරීමකින් තොර ව, පාප කමා කිරීමක් ද නැත.
Explore හෙබ්‍රෙව් 9:22
5
හෙබ්‍රෙව් 9:15
එබැවින්, පොරොන්දු වූ සදාතන උරුමය, කැඳවනු ලැබූවන් ලබන පිණිස, උන්වහන්සේ අලුත් ගිවිසුමක මැදහත්කරුවාණන් ය. මන්ද ඔවුන් පළමු ගිවිසුම යටතේ කරන ලද පාප අපරාධවලින් ඔවුන් මුදවන මරණයක් සිදු වී ඇත.
Explore හෙබ්‍රෙව් 9:15
Home
Bible
Plans
Videos