අත්තික්කා ගස දළු නො ලෑවත්,
මිදි වැල්වල මිදි පල නො වූවත්,
ඔලීව අස්වැන්න අසාර වූවත්,
කෙත්වත්වලින් අහර හිඟ වෙතත්,
ගාලෙහි එළු-බැටළුවන් නැතිව ගියත්,
පට්ටිවල ගවයින් නොමැති වූවත්,
ස්වාමින්වහන්සේ තුළ මම ප්රීති ප්රමෝද වෙමි.
මගේ ගැලවුම්කාර දෙවියන්වහන්සේ තුළ මම ප්රීති වන්නෙමි.