ස්වර්ගයේ දෙවියන්වහන්සේ ද පොළොවේ දෙවියන්වහන්සේ ද වන ස්වාමින්වහන්සේගේ නාමයෙන් මා දැන් ඔබ දිවුරවන්නේ, දැන් මා වෙසෙන කානානිවරුන් අතරේ දූවරුන් වෙතින් ඔබ මගේ පුතුට බිරිඳක සොයා නො දෙන බවටත්, මා උපන් රටටත්, මගේ ම නෑසියන් වෙතටත් ගොස්, මගේ පුතු ඊසාක්ට බිරිඳක ගෙන දෙන බවටත් යැ” යි කීවේ ය.