1
එසකියෙල් 7:19
සිංහල කාලීන පරිවර්තනය
SCV
“ ‘ඔවුහු තම රිදී වීදිවලට විසිකර දමන්නෝ ය. ඔවුන්ගේ රන් පිළිකුල් දෙයක් වන්නේ ය. ස්වාමින්වහන්සේගේ උදහසේ දවසේ ඔවුන් ගලවා ගන්නට ඔවුන්ගේ රිදීවලට හෝ රන්වලට හෝ නො හැකි වන්නේ ය. ඔවුන්ගේ කුසගින්න නිවාලන්නට හෝ ඔවුන්ගේ උදරය පුරවාලන්නට හෝ ඒවාට නුපුළුවන. මන්ද ඔවුන් පාපයට වැටුණේ ඒවායිනි.
Compare
Explore එසකියෙල් 7:19
2
එසකියෙල් 7:27
රජු වැලපෙනු ඇත. වංශවතා ශූන්‍ය බලාපොරොත්තුවෙන් හඳවනු ලැබේ. දේශයේ ජනයාගේ දෑත් වෙවුලනු ඇත. ඔවුන්ගේ ක්‍රියා කලාපය ලෙසට මම ඔවුන් ගැන වග බලා ගන්නෙමි. ඔවුන්ගේ ම මිම්මෙන් මම ඔවුන් විනිශ්චය කරමි. “ ‘එවිට ස්වාමින්වහන්සේ මා වග ඔවුන් දැනගනු ඇතැ’ යි” පැවසූ සේක.
Explore එසකියෙල් 7:27
3
එසකියෙල් 7:4
මම අනුකම්පාවෙන් යුතු ව නුඹලා දෙස නො බලන්නෙමි. මම නුඹ ඉතිරි නො කරන්නෙමි. මම නිසැකයෙන් ම ඔබේ ක්‍රියා කලාපයටත්, ඔබ අතරේ වන පිළිකුල් සහගත ක්‍රියා මාර්ගවලටත් නිසි විපාක දෙන්නෙමි. ‘එවිට, ස්වාමින්වහන්සේ මා වග ඔබ දැනගන්නවා ඇත.’
Explore එසකියෙල් 7:4
4
එසකියෙල් 7:9
නුඹලා දෙස මම අනුකම්පාවෙන් නො බලමි. මම නුඹලා ඉතිරි නො කරන්නෙමි. නුඹලාගේ ක්‍රියා කලාපය හා නුඹලා අතරේ වන පිළිකුල් සහගත ක්‍රියා මාර්ගවලට අනුව මම නිසි විපාක දෙන්නෙමි. පහර දෙනු ලබන ස්වාමින්වහන්සේ මා වග එවිට නුඹලා දැනගනු ඇත.
Explore එසකියෙල් 7:9
Home
Bible
Plans
Videos