1
එසකියෙල් 33:11
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔවුන්ට මෙසේ කියන්න: ‘මා ජීවත් වන වග සැබෑ සේ ම පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කර සිටින්නේ, දුෂ්ටයා තම දුෂ්ට මාර්ගයෙන් ඉවත හැරී, ජීවත් වනවාට මිස, ඔහු මැරෙනවාට මා ප්‍රසන්න වන්නේ නැති වගයි. එබැවින් හැරෙන්න! ඔබේ දුෂ්ට මාර්ගවලින් ඉවත හැරෙන්න. එම්බා ඉශ්රායෙල් වංශය, නුඹලා මැරී යන්නේ කුමට ද?’
Compare
Explore එසකියෙල් 33:11
2
එසකියෙල් 33:7
“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශය උදෙසා මම ඔබ මුරකරුවකු කළෙමි. එබැවින් මා පවසන වචන අසා, මා කරන අනතුරු ඇඟවීම ඔවුනට දන්වන්න.
Explore එසකියෙල් 33:7
3
එසකියෙල් 33:9
එහෙත්, ඔබ ඒ දුෂ්ට මිනිසාට ඒ මාර්ගයෙන් හැරෙන පිණිස ඔබ අවවාද කළේ වුව ද, ඔහු තම මාර්ගයෙන් නො හැරුණේ නම්, තමාගේ ම පාප නිසා ඔහු මියෙනු ඇත. එහෙත් ඔබ ඔබේ ප්‍රාණය ගලවාගෙන ඇත.
Explore එසකියෙල් 33:9
4
එසකියෙල් 33:6
තවද, මුරකරු අසිපත එනවා දැක, ජනතාවට අනතුරු අඟවමින්, හොරණෑව නො හැඬවී නම්, අසිපත පැමිණ ඔවුන්ගෙන් එකකුගේ දිවි තොර කළ කල, ඒ මිනිසාගේ පාප නිසා ඔහු ඉවත ගෙන යනු ලැබේ. එහෙත් ඔහුගේ ලේ ගැන මම මුරකරුගෙන් අය කරන්නෙමි.’
Explore එසකියෙල් 33:6
5
එසකියෙල් 33:5
හොරණෑ හඬ ඇසුණු නමුදු, අනතුරු ඇඟවීම් අවවාදය ගණන් නො ගත් නිසා, ඔහුගේ ලේ ඔහුගේ හිස පිට ම වන්නේ ය. ඔහු අවවාදය පිළිගත්තේ නම්, ඔහුට තම ජීවිතය රැක ගන්නට තිබිණ.
Explore එසකියෙල් 33:5
Home
Bible
Plans
Videos