“පහනක් නිතර ම දැල් වී තිබෙන ලෙසට, ඔලීව කොටා, සිඳගත් පිරිසිදු තෙල් ඔබ වෙත ගෙනෙන්නට ඉශ්රායෙල් ජනයාට අණ කරන්න. හමුවීමේ කූඩාරමේ සාක්ෂි ගල්ලෑලි ඉදිරිපිට, තිරයට පිටතින් ආරොන් හා ඔහුගේ පුතුන් ස්වාමින්වහන්සේ ඉදිරියේ සවස සිට උදය දක්වා මෙම පහන දල්වා තැබිය යුතු ය. ඉශ්රායෙල් ජනයා අතරේ පරපුරින් පරපුරට මෙය සදාතනික නියෝගයක් වන්නේ ය.