එබැවින් දැන් නුඹලා මට සපුරාම කීකරු ව, මගේ ගිවිසුම පිළිපදින්නේ නම්, මුළු මහත් ජාතීන් අතරින් නුඹලා මට ම අයිති වූ වස්තුවක් වනු ඇත. මන්ද මේ මුළු මහ පොළොව ම මගේ ය; නුඹලා මට පූජක රාජ්‍යයක් ද ශුද්ධ වූ ජාතියක් ද වනු ඇත’ යන්නයි. ඉශ්රායෙල් ජනයාට ඔබ පැවසිය යුතු වචන ඒවා යැ” යි පැවසූ සේක.