ජීවනය හා මරණයත්, ආශිර්වාද හා ශාපත් මා ඔබ ඉදිරියෙහි තැබූ බවට ඔබට එරෙහිව සාක්ෂි පිණිස අද මම අහසත්, පොළොවත් කැඳවමි. එබැවින්, ජීවනය තෝරා ගන්න. එසේ කළ යුත්තේ, ඔබත්, ඔබේ දරුවනුත් ජීවත් වන පිණිසත්, ඔබ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රේම කරමින්, උන්වහන්සේගේ කටහඬට සවන් දෙමින්, උන්වහන්සේට ඇලුම් ව සිටින පිණිසත් ය. ඔබේ ජීවනය උන්වහන්සේයි. එවිට ඔබේ පියවරුන් වූ ආබ්‍රහම්ටත්, ඊසාක්ටත්, යාකොබ්ටත් දෙන්නට උන්වහන්සේ දිවුළ දේශයේදී උන්වහන්සේ ඔබට දීර්ඝායු දෙන සේක.