මෙසේ කීවේ ය:
“දෙවියන්වහන්සේගේ නාමයට සදහට ම, සදාතනික ව ප්රශංසා වේවා.
ප්රඥාවත්, බලයත් උන්වහන්සේගේ ය.
උන්වහන්සේ කාල හා වකවානු වෙනස් කරන සේක.
උන්වහන්සේ රජුන් පත් කරන සේක; රජුන් පහ කර දමන සේක.
උන්වහන්සේ පඬිවරුනට ප්රඥාවත්,
නැණවතුනට දැනගැන්මත් දෙන සේක.
උන්වහන්සේ ගැඹුරු හා සැඟවුණු දෑ හෙළි කරන සේක්,
අඳුරේ ඇති දෑ දන්නා සේක.
ආලෝකය, උන්වහන්සේ සමඟ වාසය කරයි.