ඉශ්රායෙල්ගේ දෙවියන්වහන්සේ කතා කළ සේක.
ඉශ්රායෙල්ගේ පර්වතයාණෝ මට මෙසේ කී සේක:
‘යමෙක් දමිටුකමින් මිනිසුන් ආණ්ඩු කරන්නේ ද,
දෙවියන්වහන්සේට භය පක්ෂපාතී ව පාලනයෙහි යෙදෙන්නේ ද,
ඔහු, උදෑසන එළිය සේ ඔවුන් පිට බබළයි,
පොළොවෙන් තෘණ හටගන්වන වැස්සෙන් පසු,
වලාකුළින් තොර උදයක
දීප්තියෙන් බබළන හිරු වැන්න.’