1
2 රාජාවලිය 20:5
සිංහල කාලීන පරිවර්තනය
SCV
“ආපසු හැරී, මගේ ජනයාගේ පාලකයා වන හෙසකියාට මෙසේ කියන්න: ‘නුඹේ පිය දාවිත්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මම ඔබේ යාච්ඤාව ඇසීමි. ඔබේ කඳුළු දුටිමි. මම ඔබ සුවපත් කරන්නෙමි. තුන් වන දිනයේදී ඔබ ස්වාමින්වහන්සේගේ ගෘහය වෙත යන්නේ ය.
Compare
Explore 2 රාජාවලිය 20:5
2
2 රාජාවලිය 20:3
“අහෝ ස්වාමින්වහන්ස, විශ්වාසවන්තකමින් ද මුළු හදවතින් ද මා ඔබවහන්සේ ඉදිරියේ පැවතුණු අයුරු හා ඔබගේ ඇස් හමුවේ යහපත කළ අයුරු සිහි කළ මැනව” කියා, මහත් සොවින් හැඬී ය.
Explore 2 රාජාවලිය 20:3
3
2 රාජාවලිය 20:1
එදවස්හි හෙසකියා රෝගී ව, මරණාසන්න විය. ආමෝස්ගේ පුත් දිවැසිවර යෙසායා ඔහු වෙත ගොස්, ඔහු අමතමින්, “ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘ඔබේ ගේ-දොර කටයුතු පිළිවෙලක් කරන්න. මන්ද ඔබ මියෙනු ඇත. ඔබ සුව වන්නේ නැතැ’ යි” පැවසී ය.
Explore 2 රාජාවලිය 20:1
4
2 රාජාවලිය 20:6
මම ඔබේ ජීවිතයට පහළොස් වසරක් එකතු කරන්නෙමි. අසිරියාවේ රජු අතින් ඔබත්, මේ පුරවරයත් මම ගලවන්නෙමි. මා නිසාත්, මගේ සේවක දාවිත් නිසාත් මම මේ පුරවරය සුරකින්නෙමි’ යි කියා කියන්නැ” යි ඉන් පැවසිණ.
Explore 2 රාජාවලිය 20:6
Home
Bible
Plans
Videos