මෙසේ ඔහු පීඩාවට පත් ව සිටියදී ඔහු තමාගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ පිහිට පතා ආයාචනා කරමින්, තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ ඉදිරියේ අතිශයෙන් ම යටත් වූයේ ය. ඔහු උන්වහන්සේට යාච්ඤා කළේ ය. උන්වහන්සේ ඔහුගේ ආයාචනය පිළිගත් සේක්, ඔහුගේ කන්නලව්ව අසා, යෙරුසලමටත්, ඔහුගේ රාජ්‍යටත් යළි ඔහු ගෙනා සේක. ස්වාමින්වහන්සේ, සැබවින් ම දෙවියන්වහන්සේ වග එවිට මනස්සේ දැනගත්තේ ය.