ස්වාමින්වහන්සේ වෙත ඔබ ආපසු හැරී ආවොත්, ඔබේ සහෝදරයින් හා ඔබේ දරුවන් අල්ලා ගනු ලැබූවන්ගෙන් අනුකම්පාව ලැබ, මේ රටට ආපසු පැමිණෙනු ඇත. මන්ද ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ කරුණාවන්ත ය; දයාවන්ත ය; ඔබ උන්වහන්සේ වෙත ආපසු හැරී ආවොත්, උන්වහන්සේ ස්වකීය මුහුණ ඔබ වෙතින් ඉවත හරවනු නැත.”