1
1 තිමෝති 6:12
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඇදහිල්ලේ යහපත් සටනෙහි සටන් වදින්න. ඔබ කැඳවුම් ලැබුවාවූත්, බොහෝ සාක්ෂිකරුවන් ඉදිරියේ ඔබ ප්‍රකාශ කළාවූත් සදාතන ජීවනය තරයේ අල්ලා ගන්න.
Compare
Explore 1 තිමෝති 6:12
2
1 තිමෝති 6:10
මන්ද මුදලට ආලය, සියලු ආකාර නපුරට මුල ය. ඇතමුන් ඇදහිල්ලෙන් මංමුළා වී, අනේක වේදනාවලින් තමන් ම සිදුරු කර ගෙන සිටින්නේ මෙම තෘෂ්ණාව නිසා ය.
Explore 1 තිමෝති 6:10
3
1 තිමෝති 6:6
ලද දෙයින් සතුටු වීම සමඟ දේව භක්තිවන්තකම සැබවින් ම මහත් ලාභයකි.
Explore 1 තිමෝති 6:6
4
1 තිමෝති 6:7
මන්ද මෙලොවට අප ගෙන ආ දෙයක් නැත. මෙලොවින් අපට ගෙන යා හැකි දෙයක් ද නැත.
Explore 1 තිමෝති 6:7
5
1 තිමෝති 6:17
මේ වත්මන් ලෝකයේ ධනවත් ව සිටින්නන්ට උඩඟු නො වන ලෙසත්, ඒ සා අස්ථිර ධනය කෙරේ බලාපොරොත්තු නො තබා, භුක්ති විඳින පිණිස අපට හැම දේ ම බහුල ව සපයා දෙන දෙවියන්වහන්සේ තුළ විශ්වාසය තබන ලෙසත් අණ කරන්න.
Explore 1 තිමෝති 6:17
6
1 තිමෝති 6:9
ධනවත් වීමේ තද උවමනාව ඇත්තෝ පරීක්ෂාවට වැටෙති; උගුලට හසු වෙති; මිනිසුන් විනාශයටත්, නාස්තියටත් කිඳා බස්වන අඥාන වූත්, හානිකර වූත් අනේක තෘෂ්ණාවනට ගොදුරු වෙති.
Explore 1 තිමෝති 6:9
7
1 තිමෝති 6:18-19
ඔවුන් හොඳ දේ කළ යුතු ව ඇත; සත් ක්‍රියාවලින් පොහොසත් ව, ත්‍යාගශීලී ව හා බෙදා හදා ගත යුතු ව ඇත. මෙසේ, අනාගතය උදෙසා හොඳ අත්තිවාරමක් වශයෙන් ඔවුන් තමන්ට වස්තුවක් රැස් කර ගනු ඇත්තේ සැබෑ ජීවනය අත්පත් කර ගනු පිණිස ය.
Explore 1 තිමෝති 6:18-19
Home
Bible
Plans
Videos