සාවුල්ගේ පුත් යොනාතාන්, හොර්ෂාහි දාවිත් හමුවට ගොස්, දෙවියන්වහන්සේ තුළ දිරි වඩවා ගන්නට ඔහුට උපකාර කළේ ය. ඔහු දාවිත් අමතමින්, “බය වෙන්න එපා. මගේ පියා වන සාවුල්ගේ අතට ඔබ හසු වන්නේ නැහැ. ඔබ ඉශ්රායෙල්හි රජ වනු ඇත. මම ඔබට දෙවැනි වන්නෙමි. මගේ පියා සාවුල් ද එය දනී” යි කීවේ ය.