උන්වහන්සේ දූලියෙන් දුප්පතා නැගිටුවන සේක;
අළු ගොඩින් දිළිඳා ඔසවන සේක;
එසේ කරන්නේ උන්වහන්සේ අධිපතීන් සමඟ එකට ඔවුන් හිඳුවන පිණිස හා
ගෞරවයේ අසුනක උරුමය ඔවුන් ලබනු පිණිස ය.
“මන්ද පොළොවේ පදනම් කණු ස්වාමින්වහන්සේගේ ය;
උන්වහන්සේ ලෝකය පිහිටුවා ඇත්තේ ඒවා මත ය.