YouVersion Logo
Search Icon

Popular Bible Verses from 1 රාජාවලිය 2

“මේ මිහි මත සියල්ලන් යන මාර්ගයේ මා යන්නට ළඟයි. දැන් ඔබ ශක්තිමත් වන්න. පුරුෂයකු මෙන් සිටින්න. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නීති පිළිපදින්න: උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙන්න; මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ සඳහන් පරිදි උන්වහන්සේගේ නියෝග හා ආඥා ද උන්වහන්සේගේ නියමයන් හා පනත් ද පිළිපදින්න; එසේ කළ යුත්තේ, ඔබ කරන හැම දෙයකදී හා ඔබ යන එන කොතැනකදී ඔබ සමෘද්ධිමත් වන පිණිසත්, ස්වාමින්වහන්සේ මට පැවසූ පරිදි, ‘ඔබෙන් පැවත එන්නන් තමන්ගේ ජීවිත පැවැත්ම ගැන පරෙස්සම් වන්නේ නම්, තම මුළු හෘදයෙන් හා මුළු ආත්මයෙන් මා ඉදිරියේ විශ්වසනීය ව හැසිරෙන්නේ නම්, ඉශ්‍රායෙල් සිහසුන මත හිඳ ගැනීමට ඔබට මිනිසකු නැති වන්නේ නැත’ යන වචන උන්වහන්සේ ඉටු කරන පිණිසත් ය.

Free Reading Plans and Devotionals related to 1 රාජාවලිය 2