1
1 රාජාවලිය 18:37
සිංහල කාලීන පරිවර්තනය
SCV
මට පිළිතුරු දුන මැනව, අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේ ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ වගත්, මේ ජනතාවගේ හදවත් යළි හරවා ගන්නේ ඔබවහන්සේ ම වගත් මොවුන් දැනගන්නා පිණිස, මට පිළිතුරු දුන මැනව” යි පැවසී ය.
Compare
Explore 1 රාජාවලිය 18:37
2
1 රාජාවලිය 18:36
යාග පූජා වේලාවේදී දිවැසිවර එලියා ළඟා වී යාච්ඤා කරමින්, “අහෝ ස්වාමින්වහන්ස, ආබ්රහම්ගේ ද ඊසාක්ගේ ද ඉශ්රායෙල්ගේ ද දෙවියන්වහන්ස, ඉශ්රායෙල්හි දෙවියන්වහන්සේ ඔබ වගත්, මා ඔබේ සේවකයා වගත්, මා මේ සියල්ල කළේ ඔබගේ අණ පිට වගත් අද දවසේ දැනගනු ලැබේවා!
Explore 1 රාජාවලිය 18:36
3
1 රාජාවලිය 18:21
එලියා ජනයා ඉදිරියට ගොස්, “නුඹලා තව කොපමණ කල් සිතුවිලි දෙකක් අතරේ වැනෙනවා ද? ස්වාමින්වහන්සේ දෙවියන්වහන්සේ නම්, උන්වහන්සේ අනුගමන කරන්න; බාල් දෙවියන්වහන්සේ නම්, ඔහු අනුගමන කරන්නැ” යි පැවසී ය. එහෙත් ජනයා ඔහුට කිසි පිළිතුරක් දුන්නේ නැත.
Explore 1 රාජාවලිය 18:21
4
1 රාජාවලිය 18:38
එවිට ස්වාමින්වහන්සේගේ ගින්න පතිත ව, යාග පූජාව, දර, ගල් හා පස් දවා ලූ අතර අගලේ තිබූ වතුරත් වියළවා දැමී ය.
Explore 1 රාජාවලිය 18:38
5
1 රාජාවලිය 18:39
මුළු ජනයා ඒ දැක, මුණින් තලා වැටී, “ස්වාමින්වහන්සේ ම දෙවියන්වහන්සේ ය! ස්වාමින්වහන්සේ ම දෙවියන්වහන්සේ යැ!” යි මොර ගැසූහ.
Explore 1 රාජාවලිය 18:39
6
1 රාජාවලිය 18:44
හත්වෙනි වතාවේදී, “අන්න! මිනිසකුගේ අතක් වගේ කුඩා වලාකුළක් මුහුදින් නැගී එනවා” යි සේවකයා කීවේ ය. එවිට එලියා, “යන්න, ආහාබ්ට කතා කොට, ‘වැස්ස ඔබ නතර කරන්නට කලින් රථය සූදානම් කර ගෙන යන්න’ කියා කියන්නැ” යි කීවේ ය.
Explore 1 රාජාවලිය 18:44
7
1 රාජාවලිය 18:46
ස්වාමින්වහන්සේගේ ආනුභාවය එලියා පිට පැමිණියෙන්, ඔහු තම ලෝගුව, තම ඉඟටිය දක්වා කැසපට ගසා, ආහාබ්ට පෙරටුව යෙස්රෙයෙල් දක්වා ම දිවුවේ ය.
Explore 1 රාජාවලිය 18:46
8
1 රාජාවලිය 18:41
එලියා, ආහාබ් අමතමින්, “ගොසින්, කන්න; බොන්න. මන්ද මහා වර්ෂාවක හඬ ඇසේ යැ” යි කී ය.
Explore 1 රාජාවලිය 18:41
9
1 රාජාවලිය 18:43
ඔහු තම මෙහෙකරු අමතමින්, “ගොස්, මුහුද දිසාව බලන්නැ” යි කීවේ ය. ඔහු ගොස්, බැලී ය. “කිසිවක් පෙනෙන්නට නෑ” යි ඔහු කී ය. එලියා, “නැවත යන්නැ” යි හත් වතාවක් කීවේ ය.
Explore 1 රාජාවලිය 18:43
10
1 රාජාවලිය 18:30
එවිට එලියා මුළු ජනයාට කතා කොට, “මා ළඟට එන්නැ” යි කීවේ ය. ඔවුහු ඔහු ළඟට ආවෝ ය. ගරා වැටී තිබූ ස්වාමින්වහන්සේගේ පූජාසනය ඔහු පිළිසකර කළේ ය.
Explore 1 රාජාවලිය 18:30
11
1 රාජාවලිය 18:24
නුඹලාගේ දෙවියන්ගේ නාමයෙන් නුඹලා කන්නලව් කරනු. මා, ස්වාමින්වහන්සේගේ නාමයෙන් කන්නලව් කරනවා. ගින්නෙන් ප්රතිචාර දක්වන දෙවියන් සැබෑ දෙවියන්වහන්සේ වන්නේ යැ” යි පැවසී ය. එවිට මුළු ජනයා, “ඔබ කී දේ අගේ යැ” යි කීහ.
Explore 1 රාජාවලිය 18:24
12
1 රාජාවලිය 18:31
එලියා ගල් දොළොසක් ගත්තේ, “ඔබගේ නම ඉශ්රායෙල් වන්නේ යැ” යි යාකොබ් වෙත පැමිණි ස්වාමින්වහන්සේගේ වචනය ලෙස ඔහුගෙන් පැවත ආ ගෝත්ර වංශ එකකට එක ගලක් බැගිනි.
Explore 1 රාජාවලිය 18:31
13
1 රාජාවලිය 18:27
මද්දහනේදී එලියා ඔවුන්ට සරදම් කරන්නට පටන් ගත්තේ ය. “හඬ නගා මොරගසාපල්ලා. සැබවින් ම ඔහු දෙවි කෙනෙක! ඔහු කල්පනා කරමින් හෝ දොට්ට පිලට ගොසින් ඇති; නැති නම් ගමනක් ගොසින් විය හැකියි. ඇතැම් විට ඔහු නිදනවා ඇති; ඔහු අවදි කරවන්නට ඕනෑ” යි පැවසී ය.
Explore 1 රාජාවලිය 18:27
14
1 රාජාවලිය 18:32
ඔහු ඒ ගල් ගෙන, ස්වාමින්වහන්සේගේ නාමයට පූජාසනයක් තනා, ඒ වටා බීජ නැළි දෙකක් අල්ලන අගලක් කැපී ය.
Explore 1 රාජාවලිය 18:32
Home
Bible
Plans
Videos