සාවුල් ස්වාමින්වහන්සේට අවිශ්වාසවන්ත වූ බැවින් මෙසේ මළේ ය; ඔහු ස්වාමින්වහන්සේගේ වචනය රක්ෂා කළේ නැත. ඔහු ආත්ම බන්ධනකාරියකගෙන් පවා උපදෙස් ලබා ගත් නමුදු, ස්වාමින්වහන්සේගෙන් විමසුවේ නැත. එබැවින් ස්වාමින්වහන්සේ ඔහු නසා, ඔහුගේ රජකම යෙස්සේගේ පුත් දාවිත්ට පැවරූ සේක.