1
හිතෝපදේශ 12:25
Sinhala New Revised Version 2018
SNRV
සිත්තැවුල මිනිස් සිතට පීඩා කරයි. කාරුණික වචනය සිතට ප්රීතිය දෙයි.
Compare
Explore හිතෝපදේශ 12:25
2
හිතෝපදේශ 12:1
අවවාදය පිළිගන්නා දැනුමට පෙම් කරන්නෙකි; එහෙත් තරවටුව නොඉවසන්නා මෝඩයෙකි.
Explore හිතෝපදේශ 12:1
3
හිතෝපදේශ 12:18
කේලාම් බස් කඩුපතක් මෙන් තුවාළ කරයි; නැණවතාගේ බස් සුව සෙත ගෙන දෙයි.
Explore හිතෝපදේශ 12:18
4
හිතෝපදේශ 12:15
අනුවණයා තමා හරි යයි සැම විට ම සිතාගනියි; නුවණැත්තා ඔවා බසට සවන් දෙයි.
Explore හිතෝපදේශ 12:15
5
හිතෝපදේශ 12:16
මෝඩයා සිය කෝපය වහා පෙන්වයි; බුද්ධිමතා අපහාසය නොතකා හරියි.
Explore හිතෝපදේශ 12:16
6
හිතෝපදේශ 12:4
ගුණසම්පන්න වනිතාව ඇගේ ස්වාමි පුරුෂයාට කිරුළකි; එහෙත් ඔහුට අවමන් ගෙන දෙන කාන්තාව ඔහුගේ ඇටකටුවලට පිළිකාවකි.
Explore හිතෝපදේශ 12:4
7
හිතෝපදේශ 12:22
බොරුකාර තොල් සමිඳුන් හට පිළිකුලකි; අවංක අය සමිඳුන් හට ප්රියමනාප ය.
Explore හිතෝපදේශ 12:22
8
හිතෝපදේශ 12:26
ධර්මිෂ්ඨයා සිය අසල්වැසියා හට මඟපෙන්වයි; දුෂ්ටයන්ගේ මාර්ගය ඔවුන් මුළා කරයි.
Explore හිතෝපදේශ 12:26
9
හිතෝපදේශ 12:19
ඇත්ත කියන කට සදහට ම ස්ථිර ව ඇත; බොරු කියන දිව එක මොහොතකට පමණි.
Explore හිතෝපදේශ 12:19
Home
Bible
Plans
Videos