“මම ඉශ්රායෙල් ජනයාගේ මවු කුසයෙන් බිහි වන සියලු ම කුලුඳුලන් වෙනුවට ඉශ්රායෙල් ජනයා අතරෙන් ලෙවීවරුන් තෝරාගතිමි. ඔවුන් මාගේ වනු ඇත. මන්ද, සියලු කුලුඳුලෝ මට අයිති ය. මිසර දේශයේ සියලු කුලුඳුලන් මැරූ දිනයේ දී, මම ඉශ්රායෙල් ජනයා අතර කුලුඳුල් දරුවන් හා කුලුඳුල් සතුන් මට ම කැප කොටගතිමි. ඔවුන් මට අයිති වනු ඇත. මම සමිඳාණන් වහන්සේ වෙමි”යි වදාළ සේක.