මෙපවත් ඇසූ ජෝබ් නැඟිට, දුක දරාගත නොහැකි ව තම වස්ත්ර ඉරාගෙන, හිස මුඩු කොට, මුණින් වැටී වැඳ මෙසේ කී ය:
“මම කිසිත් නැති ව මව් කුසින් ආවෙමි;
කිසිත් නැති ව පෙරළා යන්නෙමි.
සමිඳාණෝ දුන් සේක;
සමිඳාණෝ ගත් සේක;
සමිඳුන් නමට ගරු පැසසුම් වේ වා.”
මේ සියල්ලේ දී ජෝබ් පව් කෙළේත් නැත, දෙවියන් වහන්සේ පිට දොස් තැබුවේත් නැත.