1
ජෙරමියා 42:6
Sinhala New Revised Version 2018
SNRV
අපේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට කීකරු වීමෙන් අපට යහපත සිද්ධ වන පිණිස උන් වහන්සේ වෙත අපි ඔබ යවම්හ. හොඳක් වුවත්, නොහොඳක් වුවත් අපේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට අපි කීකරු වන්නෙමු”යි ජෙරමියාට කී හ.
Compare
Explore ජෙරමියා 42:6
2
ජෙරමියා 42:11-12
නුඹලා බියෙන් සිටින බබිලෝනියේ රජුට බිය නොවන්න. නුඹලා ගළවා, ඔහුගේ අතින් මුදන්නට මා නුඹලා සමඟ සිටින බැවින් ඔහුට බිය නොවන්න. ඔහු නුඹලාට අනුකම්පා කොට නුඹලාගේ දේශයෙහි වාසය කිරීමට ඉඩ දෙනු පිණිස නුඹලා කෙරෙහි දයාව පෑමට මම සලස්වන්නෙමි.
Explore ජෙරමියා 42:11-12
3
ජෙරමියා 42:3
අප යා යුතු මාර්ගයත්, කළ යුතු දේත් පෙන්වන ලෙස ඔබේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි කී හ.
Explore ජෙරමියා 42:3