1
හබක්කුක් 1:5
Sinhala New Revised Version 2018
SNRV
“නුඹ අවට ඇති ජාතීන් දෙස බලන්න. නුඹ දකින දෙයින් නුඹ පුදුමයට හා විස්මයට පත් වනු ඇත. මන්ද, නුඹලාගේ කාලයේ දී මා කරන්න යන්නේ, නුඹට කීවත් විශ්වාස කරන්න බැරි දෙයකි.
Compare
Explore හබක්කුක් 1:5
2
හබක්කුක් 1:2
සමිඳාණන් වහන්ස, ඔබ සවන් දෙන තෙක්, සවන් දී බලහත්කාරයෙන් අප මුදන තෙක් මම කොපමණ කල් ඔබට මොරගසම් ද?
Explore හබක්කුක් 1:2
3
හබක්කුක් 1:3
තාඩන පීඩන හා බලහත්කාරය මා අවටින් ඇත. කලකෝලාහල හා අඬදබර හැම තැන ම ඇත. මෙවැනි හිරිහැර හා නපුරුකම් මට බලා සිටින්නට ඔබ වහන්සේ සලසා ඇත්තේ මන් ද?
Explore හබක්කුක් 1:3
4
හබක්කුක් 1:4
නීතිය දුර්වල වී ඇත. යුක්තිය කිසි කලෙක ඉටු නොවේ. දුෂ්ටයන් ධර්මිෂ්ඨයන් යටපත් කර ඇත. යුක්තිය නොපිට පෙරළා ඇත.
Explore හබක්කුක් 1:4
Home
Bible
Plans
Videos