“පාරාවෝ නුඹ අමතා, සාක්ෂි වශයෙන් හාස්කම් පෑමට කීවොත්, නුඹ ආරොන්ට කතා කොට, ‘ඔබේ සැරයටිය ගෙන එය සර්පයෙකු වෙන ලෙස පාරාවෝ ඉදිරියෙහි බිම දමන්න,’ කියා කිව යුතු ය”යි වදාළ සේක. ඉන්පසු මෝසෙස් සහ ආරොන් ද පාරාවෝ වෙත ගොස් සමිඳාණන් වහන්සේ අණ කළ ලෙස ඉටු කළහ. ආරොන් තම සැරයටිය පාරාවෝ සහ ඔහුගේ නිලධාරීන් ඉදිරියෙහි දැමූ විට එය සර්පයෙක් විය.