1
ධර්මදේශකයා 12:13
Sinhala New Revised Version 2018
SNRV
මේ සියල්ල විමසා බැලීමෙන් පසු, අවසාන වචනයක් කිව යුතු ව ඇත: දෙවියන්ට ගරුබිය දක්වා, එතුමන්ගේ ආඥා පිළිපදින්න. මිනිසා මවන ලද්දේ ඒ සඳහා ය.
Compare
Explore ධර්මදේශකයා 12:13
2
ධර්මදේශකයා 12:14
අපේ සියලු රහස් හොඳ හෝ නරක හෝ වේ වා දෙවියන් වහන්සේගේ විනිශ්චයයට භාජනය වනු ඇත.
Explore ධර්මදේශකයා 12:14
3
ධර්මදේශකයා 12:1-2
විපත්ති දවස් පැමිණෙන්නට පෙර ඔබේ යොවුන් වියේ දී ඔබේ මැවුම්කාර දෙවියන් වහන්සේ සිහි කරන්න. මන්ද, ඒවා ප්රිය නැතැ යි ඔබ කියන දවස් උදා වන්නේ ය. ඒ කාලයේ දී ඉර, හඳ, තාරකාවල එළිය අඳුරු වන්නේ ය. වැහි වලාකුළු නොනැවතී එන්නේ ය.
Explore ධර්මදේශකයා 12:1-2
4
ධර්මදේශකයා 12:6-7
එසේ වන්නේ, රිදී දාමය හා රන් බඳුන වැටී කැඩෙන්නටත්, දිය කඩිත්තේ කළය බිඳෙන්නටත්, ළිඳේ රෝදය කැඩෙන්නටත්, අපේ ශරීර වරක් තිබුණු ලෙස පොළොවේ දූවිල්ලට හැරී යන්නටත්, මිනිස් හුස්ම එය දුන් දෙවියන් වහන්සේ වෙත හැරී යන්නටත් පළමුවෙන් ය.
Explore ධර්මදේශකයා 12:6-7
5
ධර්මදේශකයා 12:8
සියල්ල නිසරු ය; සෑම දෙය නිසරු ය යි ධර්මදේශකයා පවසයි.
Explore ධර්මදේශකයා 12:8
Home
Bible
Plans
Videos