1
2 රාජාවලිය 20:5
Sinhala New Revised Version 2018
SNRV
“නුඹ හැරී ගොස් මාගේ සෙනඟගේ අධිපතියා වන හෙසකියාට මෙසේ කියන්න: ‘නුඹේ පියා වූ දාවිත්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මම නුඹේ යාච්ඤාව ඇසීමි, නුඹේ කඳුළු දිටිමි. බලන්න, මම නුඹ සුවපත් කරන්නෙමි. තුන් වන දින නුඹ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට යන්නෙහි ය.
Compare
Explore 2 රාජාවලිය 20:5
2
2 රාජාවලිය 20:3
“අහෝ, සමිඳුනි, මා සැබෑකමිනුත්, සම්පූර්ණ සිතකිනුත් ඔබ ඉදිරියෙහි හැසිර ඔබේ ඇස් හමුයෙහි හරි දේ කළ බව සිහි කළ මැනව”යි අතිශයින් හැඬුවේ ය.
Explore 2 රාජාවලිය 20:3
3
2 රාජාවලිය 20:1
ඒ කාලයේ දී හෙසකියා රෝගී ව මරණාසන්න විය. ආමොස්ගේ පුත් යෙසායා දිවැසිවරයා ඔහු ළඟට අවුත්, “නුඹේ කටයුතු පිළියෙළ කර තබන්න. මන්ද, නුඹ මැරෙන්නෙහි ය. ජීවත් නොවන්නෙහි ය කියා සමිඳාණන් වහන්සේ කියන සේකැ”යි ඔහුට කී ය.
Explore 2 රාජාවලිය 20:1
4
2 රාජාවලිය 20:6
නුඹේ වයසට පහළොස් අවුරුද්දක් එකතු කරන්නෙමි. මම අසිරියාවේ රජුගේ අතින් නුඹ සහ මේ නුවර ගළවා මා නිසාත්, මාගේ මෙහෙකරු වූ දාවිත් නිසාත්, මේ නුවර රැකගන්නෙමි’ කියා කියන්නැ”යි පැවසී ය.
Explore 2 රාජාවලිය 20:6
Home
Bible
Plans
Videos