1
1 ජොහන් 1:9
Sinhala New Revised Version 2018
SNRV
එහෙත් අපි පාපෝච්චාරණය කරමු නම්, විශ්වාසවන්ත වූ ද, ධර්මිෂ්ඨ වූ ද, දෙවියන් වහන්සේ සියලු පාපවලින් ද අදමිටුකම්වලින් ද අප පවිත්‍ර කරන සේක.
Compare
Explore 1 ජොහන් 1:9
2
1 ජොහන් 1:7
එහෙත් උන් වහන්සේ ආලෝකයෙහි සිටින සේ ම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, එකිනෙකා සමඟ සහභාගිකම අපට ඇත. එවිට උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් වහන්සේගේ ලේ සියලු පව්වලින් අප පවිත්‍ර කරන්නේ ය.
Explore 1 ජොහන් 1:7
3
1 ජොහන් 1:8
අපට පාපයක් නැතැ යි කියමු නම්, අපි අප ම රවටාගනිමු; සත්‍යය ද අප තුළ නැත.
Explore 1 ජොහන් 1:8
4
1 ජොහන් 1:5-6
උන් වහන්සේගෙන් අප ඇසූ, ඔබට දන්වන පණිවුඩය මෙය වේ: දෙවියන් වහන්සේ ආලෝකය ය, උන් වහන්සේ තුළ කිසි ම අන්ධකාරයක් නැත. එබැවින්, උන් වහන්සේ සමඟ අපි සහභාගිකම පවත්වන්නෙමු යි කියමින් අපි අන්ධකාරයෙහි හැසිරෙමු නම් අප කියන්නේ බොරුවකි. අප පිළිපදින්නේ සත්‍යය නොවේ.
Explore 1 ජොහන් 1:5-6
5
1 ජොහන් 1:10
අපි පව් කර නැතැ යි කියමු නම්, අපි උන් වහන්සේ බොරුකාරයෙකු කරමු: උන් වහන්සේගේ වචනය ද අප තුළ නොපවතියි.
Explore 1 ජොහන් 1:10
Home
Bible
Plans
Videos