1
1 කොරින්ති 3:16
Sinhala New Revised Version 2018
SNRV
ඔබ දෙවියන් වහන්සේගේ මන්දිරය බවත්, ඔබ තුළ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වැඩ වසන බවත් නොදන්නහු ද?
Compare
Explore 1 කොරින්ති 3:16
2
1 කොරින්ති 3:11
මන්ද, දැනට ම දමා ඇති අත්තිවාරම හැර වෙන අත්තිවාරමක් දැමීමට කිසිවෙකුට නුපුළුවන. ඒ අත්තිවාරම නම් ජේසුස් ක්රිස්තුන් වහන්සේ ය.
Explore 1 කොරින්ති 3:11
3
1 කොරින්ති 3:7
වැදගත් වන්නේ පැළ කළ තැනැත්තා වත්, වතුර දැමූ තැනැත්තා වත් නොව, වැඩීම සැලැසූ දෙවියන් වහන්සේ ය.
Explore 1 කොරින්ති 3:7
4
1 කොරින්ති 3:9
මන්ද, අපි දෙවියන් වහන්සේ සමඟ සහකාර සේවකයෝ වෙමු. ඔබ දෙවියන් වහන්සේගේ කෙත ය, දෙවියන් වහන්සේගේ ගොඩනැඟිල්ල ය.
Explore 1 කොරින්ති 3:9
5
1 කොරින්ති 3:13
ඔවුන්ගේ කර්මාන්තයේ තත්ත්වය, හෙළිදරව් වන්නේ ය. ඒ දවස ගින්න සහිත ව උදා වේ. ඒ ගින්නෙන් ඒ ඒ කර්මාන්ත පරීක්ෂා කරනු ලැබීමෙන් ඒවායේ නියම ස්වාභාවය හෙළි වේ.
Explore 1 කොරින්ති 3:13
6
1 කොරින්ති 3:8
පැළ කළ තැනැත්තා හා වතුර දැමූ තැනැත්තා අතර වෙනසක් නැත. එකිනෙකා තම තමාගේ වැඩය අනුව නිසි විපාකය ලබන්නේ ය.
Explore 1 කොරින්ති 3:8
7
1 කොරින්ති 3:18
කිසිවෙක් තමා ම රවටා නොගනිත් වා. ඔබ අතර යමෙක් තමා ප්රඥාවන්තයෙක් යයි සිතන්නේ නම්, ඔහු නියම ප්රඥාවන්තයෙකු වන පිණිස, ලෝක මිම්ම අනුව ඔහු මෝඩයෙක් වේ වා.
Explore 1 කොරින්ති 3:18
Home
Bible
Plans
Videos