1
එළිදරව්ව 2:4
Sinhala New Revised Version
NRSV
‘එහෙත් ඔබට විරුද්ධ ව එක චෝදනාවක් මට ඇත. මුලින් ඔබ මට දැක්වූ ප්‍රේමය දැන් නැත.
Compare
Explore එළිදරව්ව 2:4
2
එළිදරව්ව 2:5
ඔබ කෙතරම් පහතට වැටී ඇත් දැ යි සිහියට ගෙන, පසුතැවී සිත හරවා ගන්න. මුලින් කළ ක්‍රියා නැවත කරන්න; එසේ නොකළොත්, පසුතැවී සිත හරවා නොගතහොත්, මම ඔබ වෙත පැමිණ, ඔබේ පහන් රුක තිබෙන තැනින් එය ඉවත් කරන්නෙමි.
Explore එළිදරව්ව 2:5
3
එළිදරව්ව 2:10
ඔබ විඳින්නට යන දේවලට බිය නොවන්න. බලන්න, ඔබ විමසන පිණිස, යක්ෂයා ඔබෙන් සමහරෙකු සිරගත කිරීමට අර අඳිමින් සිටියි. දස දවසක් ඔබ පීඩා විඳින්නහු ය. මරණය දක්වා විශ්වාසී ව සිටින්න; එවිට මම ඔබට ජීවන කිරුළ ප්රදානය කරමි.
Explore එළිදරව්ව 2:10
4
එළිදරව්ව 2:7
‘ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසා වා! ජයග්රාහකයාට දෙවියන් වහන්සේගේ පාරාදීසයෙහි තිබෙන ජීවන වෘක්ෂයෙන් අනුභව කරන්නට දෙන්නෙමි.’
Explore එළිදරව්ව 2:7
5
එළිදරව්ව 2:2
ඔබේ ක්‍රියා ද ඔබේ වෙහෙසීම් ද ඔබේ ඉවසීම ද මම දනිමි. ඔබ දුදනන් නුරුස්සන බව ද, ප්‍රේරිතවරුන්ගේ පදවිය අයුතු ලෙස පවරාගත් අය සෝදිසි කර බලා ඔබ ඔවුන් බොරුකාරයන් යයි දැනගත් බව ද මම දනිමි.
Explore එළිදරව්ව 2:2
6
එළිදරව්ව 2:3
මාගේ නාමය නිසා, ඔබ ඉවසිල්ලෙන් දුක් ඉසිලීමේ දී පසුබට නො වූ බව ද මම දනිමි.
Explore එළිදරව්ව 2:3
7
එළිදරව්ව 2:17
‘ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසා වා! සැඟවී තිබෙන මන්නා ආහාරයෙන් ජයග්රාහකයාට දෙන්නෙමි. තවද ලබන්නා මිස අන් කිසිවෙකු නොදන්නා අලුත් නාමයක් ලියා තිබෙන සුදු ගලක් ද මම ඔහුට දෙන්නෙමි.’
Explore එළිදරව්ව 2:17
Home
Bible
Plans
Videos